5.

10 2 1
                                    

"ඕෂී... ඇහැරෙන්න! අද මටත් නින්ද ගියානෙ.පරක්කුයි මල්ලි ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්න!!"

උදේ පාන්දරම අක්කගෙන් පයින් පාරක් කන්න වෙයි කියලා මං හිතුවෙ නෑ.

මීට වඩා හොඳයි උදේට කුක්කු කූක් කියන කිකිළියෙක් හුරතලේට ඇති කරන්න ගත්තනම්.අඩුම තරමෙ ගුටි නොකා හරි බේරෙන්න පුළුවන්නෙ.

"මේ.. අදත් රෑ වෙලාද එන්නෙ?"

"නෑ නෑ.අද හවසට ලෙක්චර්ස් නෑ.මං එන්නද එක්කන් යන්න ඉස්කෝලෙ ගාවට?"

"අනේ මං පොඩි එකෙක් නෙවේනෙ අක්කෙ?ඔයා පාඩුවේ ගෙදෙට්ට වෙලා ඉන්න.මං තනියම එන්නම්.අනික ඔච්චර රකින්න මං ළමිස්සියක් නම් කමක් නෑ."

"අනේ අනේ ඕෂි? ඔයත් දැන් ගානට හැදිලා ඉන්නෙ ආ!"

ඉස්කෝලෙ යන්න කලින් අක්කගෙන් බත් කටක් කකා හෑල්ල කියෙව්වෙ නැත්තම් කිසි ගතියක් නෑ.

කොහොමහරි ඉතිම් සඳුදා වගේ කුපාඩි දෙයක් මට නොවේවා කියලා හිතන් දකුණු කකුල පෙරට තියලා මම ගෙදරින් එලියට බැස්සෙ උදෙන්ම යන සීටිබී බස් එකේ එල්ලෙන්න බලන්.

උදේට සීටිබී බස් එකක යනවා කියන්නෙ එකදවසින් සිරීපාදෙ නැගලා එනවටත් වඩා අමාරු වැඩක්.දන්නෝ දනිති ඉතින්.

යන්තම් දොරේ එල්ලිලා යන්න පුළුවන් වුණා.

වෙලාව උදේ හයයි විස්සයි.වෙනදට වඩා විනාඩි පහක් දහයක් කලින් ඇවිත්.

"ගුඩ් මෝනින්ග් ඕෂධ!"

මනෝපාරක් ගහන් ගේට් එකෙන් පියනගලා ආව මම ඒ වොයිස් එක ඇහිලා ගැස්සුනා කියලද හිතුවෙ?

නෑ මම තිගැස්සුනා.නිමේක්ෂ අයියා කවදාවත් නැතුව මට ගුඩ් මෝනින්ග් කිව්වෙ ඇයි දන්නෑ.මූ එනපොට නම් එච්චර ඇල්ලුවේ නෑ මට.

"ම්.. මෝනින්ග් අයියෙ"

"කෝ අද නිම්න නැද්ද?"

ආ.. ඒකයි මේ.මුට නිම්නයව හම්බෙන්න ඕනි වෙලානෙ මට බොරු මරිසි දාන්නෙ මේ.

"තාම ඇවිත් නැතු ඇති.අද මම ටිකක් කලින්නෙ ආවෙ.තව ටික්කින් ඌ එයි.ඇයි මොකක් හරි වුවමනාවකට ද?"

මණ්දාකිණි | Nonfiction | BL | Ongoing Where stories live. Discover now