ගුවන්තොටුපල ගාවින් ඇඩුමක් වත් නැති සාමකාමීත්වයක් තිබුනේ ලිසියා කාගේ කවුද කියල වත් කෙනෙක් ට අඳුරගන්න බැරිවෙන්න ඇඳ පැලද හිටිය හින්දම නෙවෙයි. එයාගෙ හිස් සිතුවිලි එක්ක කටහඬ හිස් වෙලා නිසයි..
යාලුවෝ හතර දෙනාමයි නවිනු සරුත් ත් ඇවිල්ලා හිටියත් ලිසියගෙ ගෙදරින් කෙනෙක් ඇවිල්ල හිටියෙ නැත්තෙ එයාගේ වැඩි ආරක්ෂාවට. අම්මගේ ආශීර්වාද' ආදරය' පිරුණු වචනත් එක්කන් කොල්ලා තනියෙන් තමා එයාපෝට් එකට ආවේ , මඟදි ගෙහාන් වාහනේට නගිනකල්ම... ඒවත් දෙන්න අතරේ කතාවත් තිබුනෙ නැති තරම්..
"පරිස්සමෙන් හිටපන්..ම්ම්... එනව උඹව බලන්න මගෑරියොත් බලාගමු එදාට"
නිශ්ශබ්ද බලාගෙන ඉන්න බැරිම තැන දෙහරු ලිසිත්ව ඇඳල අරන් බදාගෙන විනාඩියක් විතර එහෙමම හිටියා.. ඒකෙන් පස්සෙ සෙනෙත්ටත් නිකන් ඉන්න බැරි එකේ එයත් ලිසියට බදාගෙන ආයෙ ටික වෙලාවක් හිටියා.
"කාලා බීලා සැපෙන් ඉදාන් හරියෑ.. කෝල් එකක් වත් දියන් එපා අපි දෙන්නම් උඹ ආන්සර් කරපන්. උබට එහෙම ඉන්න බැ"
"......"
"හා වත් කියපන්කො"
"ම්ම්"
එයා දන්නව ලිසිත්ගෙ රහස... ඒක හින්දා එයාට ඉමාන්ව ලිසිත් මඟාරින විදිහ හොඳටම තේරුනා. අනිත් එක තව ටිකකින් ඉමාන් වුනත් මෙයාව වැලදගන්න එනවයි කියල හිතෙනකොට නවිනුට කාලය නතර කරලා සෑහෙන ලොකු මඟඇරීමක් කරන්නමයි හිතෙන්නේ..
ඒත් එහෙම බෑ නේ..
"සතුටින් ඉන්න..මූණ එල්ලන් ඉන්න එපා"
"ම්ම්.. ඔයත්.. සුබ පැතුම්..මට විශ් කරන්න බැරි වුනා නේ.. ඔයාටයි දෙහරුටයි"
ගෙහාන් , දෙහරු නිකන්ම මූණෙ මූණ බලාගත්තේ මේ මාස ගානට ඉමාන් කතා කරපු දිගම වාක්ය ඒක දො කියල හිතෙන තරම් පුදුමෙකින්.. ඉමාන්ගෙ උණුහුම මුල්ම වතාවට විඳින එකේ ඒක ඇතී තරම් විදගන්න ඕනේ කියල ලිසිත්ට හිතුන හින්දම එයා අනිත් කාවවත් නැතිව ඉමාන්ව විතරක් ආපස්සට වැලදගත්තා... ඉමාන් දන්නෙ නෑ එයාට දැනෙන ලිසිත්ගේ පපු ගැස්ම එයා ගාව විතරක් ආව වගක්.