22 කොටස

143 9 12
                                    


"කවුද ඒ"

"කාවහරි එක්කන් යන්න වෙන්න ඇති එන්න ඇත්තේ"

"කොල්ලකාරයෙක් වගේනේ"

"කවුද බං"

"දන්නෑ"

වෙනදාට් පන්ති ඉවර වුනාම තියෙන තදබදේ දෙපිටින් යන්න අදත් ඊටත් වඩා කලබලේකුත් ඇතිවෙලා තියෙද්දි ඉමාන් පන්ති ඉවර වෙලා ළමයි එළියට එන පෝළිමේ  මැද හරියකට වෙලා අත් ඔරරෝසුවේ වෙලාවම දෙතුන් පාරක් බැලුවා.. මේ බලන වෙලාව ටික්කින් බලනකොට විනාඩි දෙක තුනක්ම ඉස්සරහට ගිහින්.. ඒ විනාඩි දෙක තුනත් සෑහෙනන්ම වැදගත් මොකද ඉමාන් දැන් ක්ලබ් එකට දුවන්න ඕනේ.

"බයේ බෑ නේ. රෑත් වෙලා"

යන්තන් ඔය කියන කොල්ලකාරයා ගාවට එනකොටම ඉමාන් දැක්කේ කලු සාමාන්‍ය ඩෙනිමකටයි ටීශට් එකකටයි කලු පාට කැප් එකක් දාලා කලුම මාස්ක් එක්කුත් දාගෙන පන්තියේ දොර ගාව හොටගෙන හිටියේ ලිසිත්ව..!! ඉන්නෙත් බිම බලාගෙන එකේ දැකල පුරුද්දට ඉමාන් අඳුරගත්තෙ නැත්තෙන් ඔහේ ඉදී කීය හරි වෙනකල්.

"යං"

"අහ්"

ලීස්ත් ගාවට ගියපු ගමන් වැලමිටෙන් අල්ලලා එයාවත් ඇදගෙන ඉමාන් වේගෙන් වේගෙන් පාරෙ ඇවිදන් ආවේ ළමයිගේ තදබද තැනක් හම්බෙනකල්.. ගොම්මනත් ඇවිල්ලා එහෙම මහලොකු එළියකුත් නෑ මහ පාරෙ වුනත්. සුදු පාට ලයිට් එකක් පත්තු වුන ලයිට් කණුවක් පොඩ්ඩක් පහුකරලා ඉමාන් නතර වුනේ මෙච්චර වෙලා අල්ලන් හිටිය ලිසිත්ගේ අතත් අතාරින ගමන්.

"මොකද මෙහෙ කරන්නේ"

"නිකන් ආවේ.. ගෙදර කම්මැලි"

"තනියෙන් ?? "

"මම දෙහරුගෙ ගෙදර හිටියේ.. ගාඩ්ලා හිතන්නෙ මම එහෙ කියල. දෙහරුත් නිදාගත්තා ඔළුව රිදෙනවයි කියල මම ඒ අතරෙ ආවේ. ටැක්සි එකක"

"අවදානම් වැඩ කරන්න එපා ලිසිත්. තාත්තා ඔයාව අඩි දෙක තුනක් වත් තනියෙන් යවන්නෙ නැත්තේ මේ රටේ එයාට ඉන්න හතුරො හින්දා.. තාත්තා දැනගත්තොත් එහෙම මොනව වෙයිද"

"එයා නුවර ගියා. දැනගන්නෙ නැ අනේ. දැනගත්තොත් ආයේ එහෙම කරන්න එපා කියයි"

Love is Love Man  | completeWhere stories live. Discover now