19 කොටස

118 12 0
                                    

"ඒක හරි මගුලක් වුනා නේ "

"ආ දැන් බැයිද"

"බෑ තමා... ඉමාන් වෙනද යන විදිහටම ගෙදර යයි"

දෙහරු කිව්වේ බෙහෙත් දාලා කන්න බොන්නත් අරන් දීලා පරිස්සමට පන්තියට වඩම්මපු ඉමාන්ගේ ඔලුවට පාරක් ගහලා. ඉස්කෝලේ ඇරිලා ළමයි ගියත් මේ වංශක්කාරයෝ ටික පොඩ්ඩක් නැවතුනා නවිනු සර් ගෙන් හොඳවැයින් අහගන්න. දැන් ඒවා අමතකයි දැන් ප්‍රශ්නේ ඉමාන්ට බැරිලු දෙහරුව ගෙදරට ඇරලවන්න. 

"හරි එහෙනම්.  මං ගිහින් දාන්නනම්"

"ඕනෙ නෑ මේ වරෙන් පතල් හිකනැලයා .. ස්වල්ප ණයක් නෙවෙයි තොගෙන් මං අරන් තියෙන්නේ."

එහෙම ලිසිත්ට ඉමාන්ව ඇරලවන්න දෙන්න පුළුවන්ද.. දෙහරු තදින්ම විරුද්ධ වුණා ඒ වැඩේට.

"එනවා ඉතින් යන්න..වඩන් යන්නද කියන්නෙ මට"

දෙවෙනි පාරටත් ඉමාන් ගේ ඔලුවට ගහලා බෑග් එකත් අරගෙනම දෙහරු පන්තියෙන් එළියට ආවා.. ලිසිත් ඉමාන්ට හිනාවක් දුන්නේ එයත් පෙරලා ලිසිත්ට හිනාවෙද්දි.

"අද ක්ලබ් එකට යන්න ඕනේ නෑ මම ඔයාට අසනීප වුනා කියලා එහෙට දැනුම්දෙන්නම් ඔයත් කෝල් එකක් දෙන්න"

"එහෙම අමාරුවක් නෑ මට"

"කමක් නෑ රෙස්ට් කරන්න . නැත්තන් හෙට ඉස්කෝලේ එන්න අමාරු වෙයි"

ගෙහාන් කියද්දි සෙනෙතුත් ඔලුව වනලා ඔව් කිව්වා..

"එන්නෙ නැද්ද .මට පරක්කු වෙනවා"

"ඇයි  ගෙදර උඹෙ දරුපවුල බලන් ඉන්නවද එනකල්"

සෙනෙත් කියාගෙනම එළියට ආවේ අනිත් අයත් පිටිපස්සෙන් එද්දි.. දෙහරු ගේ වාහනේ ඇවිල්ලා ඉස්කෝලේ ගේට් එක ගාවම නතර වුනේ ඊට පිටිපස්සෙන් ලිසිත්වයි ගෙහාන්වයිත් එක්කන් යන්න ආව වාහන පෝළිමට නවත්තනකොට.. දෙහරුට දොර ඇරලා දුන්න එකෙන් ඉමාන්ව ඇතුළට තල්ලුකරලා එයා වාහනේට නැග්ගේ අනිත් අයට යන්නං වත් නොකියා..

"කොහෙද ගෙවල්"

"නාපටුනේ"

"එහෙට යන්.. උඹ පාර කියපන් එක්කො ලොකේශන් දාපන්"

Love is Love Man  | completeWhere stories live. Discover now