27 කොටස

110 10 2
                                    


"දැන් විභාගෙට ලෑස්තිද"

"නෑ-"

"අනේ පලයන් යන්න . තමුසේ පාඩම් නොකර හිටියොත් "

"ඔව් හිටියොත් ?"

"මොකුත් නෑ"

"එහාට වෙන්න එක්කෝ මේකේ වැඩ කරන්න එන්න"

"බෑ"

ඉමාන් ගාවින් වාඩිවෙලා ඉදපු දෙහරු පුටුවෙන්ම අනිත් පැත්ත කැරකිලා ඒ පැත්තෙ මේසෙ උඩින් අත තියල ඒ උඩින් නිකටත් තියාගෙන ඉමාන්ගෙ පැත්තට මූණ හැරෙව්වා...ම්ම්.. රයිට් සයිඩ් වාව්, ලෙෆ්ට් සයිඩ් වාව් වාව් වාව් , බැක් සයිඩ් ඕ මයි ගෝඩ් වාව්....ඇන්ඩ් මයි බියිටිෆුල් සයිඩ් ෆ්‍රන්ට් ඕ මයි ගෝඩ් වාව්...!!!

"මම ඇඳුම මාරු කරන් එන්නම්. කොහෙද බලන් ඉන්නෙ ඔය"

"මයි බේබි...!!"

"වෙරි ද"

"නෑ මගෙ බේබි වෙරි නෙවෙයි. යං මාත් එන්නම්"

දෙහරුත් ඉමාන්ගෙ පස්සෙ ගියත් ඉමාන් ඇඳුම මාරුකරගෙන එනකල් එයාට එළියෙන් ඉන්න වුනා. දෙහරුට මේ ටිකේ හරියට වැඩ ඉමාන්ගෙ ගමනාගමන සේවා වලට උදව් කරලා. දෙන්නගෙ එහෙම අලුත් වුන ලොකු බැඳීමක් නැතා වුනත් දෙන්නා එකටම හිටියා..

ඉමාන් ඇඳුම් මාරු කරන් ආවම එයාලා ඉමාන්ගේ ගෙදර එන්න ආවා..

"හෙට ඉස්කෝලේ එන්නෙ නෑ නේ"

"ම්ම්.."

"අපරාදයක් නේ උගන්නන ඒව"

"නවිනු සර් ප්‍රශ්නයක් නෑ කිව්ව නම් ඉතින් ඔයාට එහෙම අවුලක් නෑ නේ නේද"

"තියෙනවා.... මට පාලුයි නේ"

"ඒක මට අදාළ නෑ නේ"

"හරි නරකයි"

"හෙන කෝලමක් වෙලා නේ"

"එහෙම තමා නේ"

"බීලද ඉන්නේ..බීලද ඔය එලවන්නේ"

"එලවන්න එපාද දැන් බිව්වම"

"එපා"

දෙහරු වාහනේ පාරෙ අයිනකට කරල නතර කරා... ඒකරලා ඉමාන්ගෙ පැත්ත හැරුණා..

"අපි මෙතන නිදාගමු. ඔයාට ලයිසන් නෑ නේ"

"අම්මපා දෙහරු මට උඹෙ ඔලුව උස්සල පොළවෙ ගහන්න හිතෙනව"

Love is Love Man  | completeWhere stories live. Discover now