හැමදාම කියව කියව උන්න කෙනෙක් කොහොමද මෙහෙම සද්දයක් වත් නැතිව ඉන්නේ කියල හිතාගන්නවත් බැරිවෙන්න ලිසිත් සද්ද නෑ... සතියක් දෙකක් ගිහිල්ලා ඉස්කොලේ ආවා වුනත් අදාළ දේකට ගෙහාන් ට කතා කරනව ඇරෙන්න එයාගෙන් වචනයක් පිටවෙන්නෙම නැති තරම්.. මඟඇරුන පාඩම් සේරම හරිහමන් තැනකට ගන්නකල්ම යාලුවෙක් වත් එයාට කරදරයක් වෙව්න විදිහට කතා නොකර ඉන්න තීරණය කරා...ඒත් ඒව ඉවර වුනාම වත් ලිසිත් 'කලින් හිටිය ලිසිත්' කියල මාරු වුනේ නෑ..
අඩුම අම්ම තාත්තා එක්කවත් කතා කරේ නෑ...
"මොකද කරන්නෙ මට ලිසිත් එහෙම ඉන්නකොට නිකන් ඉන්න බෑ"
"මට හිතාගන්න බෑ එයා ඇයි එහෙම ඉන්නෙ කියල. එයාට කවුරුත් බැන්නෙවත් නෑ නේද"
"ඔව්ව්.මටත් හිතාගන්න බෑ"
විභාග ලං වෙලා හින්දා ක්ලබ් ට්රේනින් මඟින් නතර කරල දාලා පොතපත වැඩ වලටම ඔලුව දාන් ඉන්න ඉමාන්ට ඒකට අමතරව දෙහරුගේ සුව දුක් බලන වැඩෙත් උවමනාවෙන්ම කරන්න වුනා.. දෙහරු ඉන්නේ ලිසිත් ගැන සෑහෙන්න තරම් හිතලා හිතලා හති වැටිලා.. ලිසිත් මේ ලෝකෙ ඉන්නේ හරියට එයා විතරක් ජීවත් වෙනව කියල හිතන් වගේ.
"මට කියන්න බෑ අපි බලමු කියල. කොච්චර බලන් හිටියත් මොකුත් වෙන එකක් නැ නේ.දැනටම මාස කීයක් ගිහිල්ලද කියන්නකො"
"ඔව්... එයාට අසනීපයක් නෑ කියල කිව්ව.. එයාව මන්ත්ලි චෙක්කරනවනෙ"
"ම්ම්."
"අඩුම ඔයා එක්කවත් කතා කරන්නෙනෑ නේ"
"ම්ම්... අපි ලියුමක් ලියමුද එයාට"
"ඔයාට ලස්සනට ලියන්න පුලුවන් නේ.. ලියන්න එහෙනම් . මං කෝප්ප දෙක හෝදල එන්නම්"
ඉමාන්ගෙ පොත් මේසෙ උඩින් ඒෆෝ කොළයක් අරන් හැඩවැඩ නොදා තිබ්බ ජෙල් පෑනකින් දෙහරු ලිසිත්ට ලියන්න ගත්තා.. ඒත් එයාට ලියන්න දෙයක් හිතාගන්න බෑ... ලිසිත් ඇයි කතා නැත්තේ ඇයි ඔහොම ඉන්නේ වගේ ප්රශ්න එයාගෙන් අහල වැඩක් නෑ . එතකොට මේක නිකන්ම ලියුමක්.. ඇරත් එයාගෙන් කොහොමද කියල අහලත් තේරුමක් නෑ.. ලිසිත් හොඳයි කියල පිටවෙනව ඇරෙන්න එයාගෙන් කිසිම වෙනස් වචන ටිකක් එළියට එන්නෙ නෑ.