09 කොටස

127 13 5
                                    


"චිප් යන්න... මේ පුසො දෙන්නගෙන් තියෙන වදයක් එල්ලෙනව ඇවිල්ල කකුලේ"

"කෝ එන්න මෙහෙට බොරුවට බැනුම් අහන්නෙ නැතුව.. "

"පුතේ ඔයා තේකක් වත් බොනවද"

"බෑ අම්ම මට දොළහට කතාකරන්න මං නිදාගන්නවා"

"කොණ්ඩෙ පිහගත්තද"

"ඔව් ඔව්..."

පැය විසි හතරෙන් කොයි වෙලාවක හරි ගෙදර එන්නේ ඔය පූසො දෙන්නා හින්දා කියලා දන්න හින්දා අම්මා ඉමාන් පූසො දෙන්නව වඩාන් ගිය එකට මොකුත් කිව්වෙනෑ...කාමරේට ගිහින් පූසො දෙන්නව දාලා දොර වහපු ඉමාන් දෙවෙනි පාරත් නිදාගන්න ඇඳට පැන්නා... දැන් මාස ගානක් මේ කට්ට කෑව වුනත් තවම ඇඟ  නුහුරුයි මේ නිදි හෝරාවන්... අද හවස එකට සුනෙත්‍රා එකේ මැත්ස් ක්ලාසුත් තියෙනෙ එකේ ඉමාන් නින්දක් දාන්නයි හිතුවේ..

ඊයේ ක්ලබ් එකට එනකොටම ඈතින්ම දෙහරුව දැක්කම ඇඟේ මාලු නටන්න ගත්ත විදිහට ඉමාන් හිතුවේ මුළු රෑම ඒ තරහා එක්ක ඉන්න වෙයි කියලා.. ඒත් සෙනෙත් ගෙ කතාවයි ගෙහාන් දුන්න පොඩි හිනාවයි එක්ක ඉමාන්ගේ මූඩ් එක හරියට හැදුනා.... ඒ ඔක්කොම පරාදයි ලිසිත් එක්ක කතාකරාම... සෙනෙත් එක්ක එනකොට එයා දෙහරු ගැන මොන මොනවදෝ කිව්වත් ඉමාන්ගේ හිත තිබුනේ ලිසිත් ඇයි තෑන්ක්ස් කරේ කියන එක ගාව.. ආයේ අහන්න මැසේජ් එකක් දාන්න ගියත් ආයේ ඕනෙ නෑ කියලා ඉමාන් කරබාගෙන හිටියා... 

ආව ගමන් නිදාගෙන කන්න නැගිට්ට ගමනුත් ඒකම මතක් වුන එකේ ඉමාන් දෙවෙනි පාර නිදාගන්න එනකොටත් එයාගෙ කන් වල තැන්ක්ස් කියලා ලිසිත් කිව්ව විදිහ දෝංකාර දුන්නා..

"ඤෑව් කියපන්කො .."

"ඤෑව්....."

"තව කියපන්..."

"....."

"ලිසිත් තෑන්ක්ස් කරල ගිය එක ඇහෙනවා ඇහෙනව වගේ.. ඤෑව් වත් කියලා ඒක හිතෙන් අයින්කරපන්කො"

"..."

"උඹලා පොඩි වුනාට තියෙන්නේ අලිඔලු.. මං නිදාගන්නවා ආයේ එළියට ගිහින් අම්මගෙන් බැනුම් අහපන් පුළුවන් නං"

නින්දෙනුත් ලිසිත් ව ම පෙනුන එකේ ඉමාන් නැගිටලා ආයෙම පැයක් විතර නාගත්තා.. දැන් ඉස්කෝලෙට ඇවිල්ලා මාසෙකට කිට්ටු වෙන්න ආවත් ඉමාන්ට පන්තියේ යාළුවෙක් නෑ... හතුරෙක් නම් ඉන්නවා දෙහරු කියලා..ලිසිත් කියන්නේ කොහොමටවත් නරක කෙනෙක් නෙවෙයි කියලා ඉමාන් දැන් දන්නවා... එයා ඉමාන් එක්ක යාළුවුනත් ඒක ගැන එයලගේ ගැන්සියේ ගෙහාන් සෙනෙත්ට වඩා ගාය තියෙන්නේ දෙහරුට කියලත් ඉමාන් දැන් දන්නවා...

Love is Love Man  | completeWhere stories live. Discover now