06 කොටස

159 16 2
                                    


"ඉමාන් උඹ මෙහෙ මොකෝ"

"ආහ්..මම වැඩ කරනවා "

"යකෝ මේකේ.. උඹට කොහොමද මේකේ වැඩ දුන්නේ"

"මම ට්‍රේනින් එන්නේ..එක්ස්ට්‍රා කෝස් එකකින්.. ඒලෙවල් කරන ගමන්"

"අම්මටඋඩු..උඹ අපිව දැක්කද"

"ඔව් ඔව්... අතන වාඩි වෙලා ඉන්නවා දැක්කා.."

ප්‍රශ්න ඇසීමේ වගකීම සම්පූර්ණයෙන්ම සෙනෙත් ගේ අතේ තිබුන එකේ අනිත් තුන් දෙනා ගාව තිබුනේ එකකට එකක් වෙනස් මූනු ටිකක්.. දෙහරු නම් මේ තියෙන වීදුරු බෝතලේකින් නෙලලා දාන්න තරහකින්, ලිසිත් පුදුමෙකින් ගෙහාන් සැහැල්ලුවෙන්... සෙනෙත් ඇරුනම ආයේ ඉමාන්ට පොඩි හිනාවක් හරි දුන්නෙත් ගෙහාන්... එයා ඒත් එක්කම මෙයාලා ඉල්ලුව දේවල් හදන්න එයාගේ බාර් ස්ටේශන් එකට හැරුණා..

"මොන හු***ද"

"මරුනෙ යකෝ මේ.. ගහන්න එපෙයි..ඉස්කෝලෙ වැඩෙත් කරගෙන රෑට මේකකුත් රන් කරගෙන ..ආ ඒක තමා නිදාගන්නේ ෆ්‍රී ටයිම්ස් වල.."

"හිඟන්-ව්ව්බ්බ්"

"කොහෙද හිඟන..  කෝස් එක්කුත් කරලා මේකට ඇවිල්ල ඉන්නේ "

දෙහරුගෙ කට වහපු ගෙහාන් එයාගේ අත එහාට අරන්ම කියල දැම්ම.. ඉමාන්ට මේවා ඇහෙන්නෙ නෑ කෝමත්. දෙහරු ටේබල් එකෙන් නැගිටලා එයාලා කලින් වාඩිවෙලා හිටිය තැනට ආවා.. ටික්කින් සෙනෙත් ගෙහාන් එක්කන් එතෙන්ට ආවේ එයාලගේ ඩ්‍රින්ක්ස් ටික ලිසිත් ගේන්නම් කිව්ව හින්දා...

"ඇයි මේකේ සර්ව් කරන්න එකෙක් නැද්ද"

"උඹ හිටපන්කො. ඌ බිව්වෙ නැතත් ඔය පුටුවට වෙලා ඔතන එහෙට මෙහෙට කර කර අනන් මනන් හදන දිහා බලන් ඉන්න ආසයි කියලා දන්නැද්ද"

ඒ ගමන දෙහරු කටවහගත්තා... එයා ලිසිත් දිහා බලාන ඉන්නකොට සෙනෙත් කිව්ව කතාව ඇත්තක් කියලා ආයේ ආයෙම එයාට තේරුනා.. ලිසිත්ගේ ඇඟ ඇතුලේ ඉන්න කලාකාරයා එළියට එන්නේ මේ බලන දේවල් වලින් තමා.. ඒත් ඉදලා හිටලා චිත්‍රයකින් වගේ එළියට ආවත් අනිත් මුළු හැමදාම ලිසිත් කරන්නේ අනිත් අය කරන දේ බලාන ඉන්න එකම විතරයි.. අනිත් අය ඔය කියන කලාකාරයා එයාගේ ඇතුළේ හැමදාම සැඟවිලාමයි ඉන්නේ..

Love is Love Man  | completeWhere stories live. Discover now