"චූටි බබා...චූටි බබා... අවදි වෙන්න. අද ඔයාට වැඩ ගොඩක් තියනවා නේද?"
"දෝණීහ්හ්හ්.... තව විනාඩි දහයක් "
"විනාඩි දහයයි හරිද? ඊගාව පාර එද්දි අවදි නොවුනොත් මම ඇල්බිසියා කෝට්ටක් කැඩෙනකල් ගහනවා"
"පුහ්.. තාත්තා ආව පාර මෙයා ගින්දරීගේ නංගි වගේ වෙලා"
දෝණිට උදේ අටට අවදි කරන්න කිව්වම හතට ඇහැරවලා උදේ නවයයි ගගා මැරෙන්න හදනවා. මම එයාගේ හැටි දන්න නිසාම ෆෝන් එක අරන් බැලුවේ වෙලාව කියද කියලා. යකඩෝහ්හ්හ්... තවම හත හමාරයි වෙලාව. තව පැය බාගයක් නිදාගන්න පුලාන්. මෙයා නං අනේ මංදා තාත්තා කොහොම දෝණියා එක්ක ඉදියද කියලා.
කොහමහරි දෝණිගේ තැටිය දෙවනි පාරටත් ප්ලේ වෙන්න ගත්තම මම අවදි උනා. අද දහය වෙද්දි ඉස්කෝලේට යන්නත් ඕන. ඊට පස්සේ එකපාරක් ෆුල් රියසල් එකක් අරන් දෙක වෙද්දි නෙලුම් පොකුන තියටර් එකට යනන්ත් ඕන. අපේ ඩේ එක නයිට් ඉවෙන්ට් එකක් විදියට තමා මෙදා පාර කරන්නේ. ඉතින් ඉවෙන්ට් එක පටන් ගන්නේ හවහ හයට. හයේ ඉදන් දහය වෙනකල් තියනවා. පැය හතරක් උනාට ඉතින් අපේ අයිටම්ස් තියන්නේ පැය තුනයි. ඉතිරි පැයේ ඔය ආරාධිත උත්තමයොන්ගේ සංගායනාවල් තමා තියන්නේ. හනි හනිකට බොටමකුයි ශර්ට් එකකුයි දාගෙන උදේටත් කාලා දවල්ට අභි අයියටත් එක්ක බත් එකක් ඔතාගෙන මම තාත්තා එක්ක ඉස්කෝලෙට ආවා.
"එහෙනම් තාත්තා හවසට ලයිව් එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාගේ වීරයාගේ වැඩ කිඩ ටික"
"නැතුව නැතුව. මයේ කොල්ලා මට ආඩම්බරයක්. මම දන්නවනේ කොල්ලා දස්සයා කියලා.."
තාත්තා මම බහින්න කලින් ලොකු හාද්දක් මගේ කම්මුල් දෙකට දුන්නා. මං ඒවෙලාවේ එයාව හයියෙන් බදාගත්තා. මට එහෙම කරන්න හිතුනා එකපාරටම. අනේ මංදා හිටිගමන් මටත් ට්රැක පයිනවා.
"ඉවර වෙලා ඉස්කෝලේට එනවද පුතා? නැත්නම් තියටර් එක ලගට අපි එන්නද?"
"නැ තාත්තා. අපි ඉස්කෝලේට එනවා ස්කුල් බස් එකේම. පේරන්ට්ස්ලට ඉස්කෝලේට එන්න කිව්වා සදනිකා මිස් නං"
"එහනන් අයේශයි මමයි එන්නම්. පුතා කෝල් එකක් දෙන්න ඉවරවෙලා. "
"හරි තාත්තේ. මම කැපුනා එහෙනන්"
YOU ARE READING
Aster Monarch (කැළෑමලට ආදරෙන්)
Non-Fiction.... ශ්රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...