Chapter 16

146 18 2
                                    

"අත ගගා ඉන්නැතිව කාපල්ලා යකුනේ. නවයයි කාලයි වෙලාව"

සුභානි අක්කා කාටත් කලින් කාල ඉවර වෙලා අපි කට්ටියට කැ ගහන්න ගත්තා. අපි අද යන්නේ තල්මස්සු බලන්න මිරිස්සට. ඊට පස්සේ දෙවුන්දර යනවා.එන ගමන් පරවි දූපතටත් ගිහින් එනවා කියලා තමා විහග අයියා කිව්වේ. සුබානි අක්කගේ තැටියට පින් සිද්ධ වෙන්න කට්ටිය කැවා නෙවෙයි කිබුල්ලු කිරිමැටි ගිලිනවා වගේ කටට දෙකට කෑවා. මම අපේ රූම් එකට මගේ බැග්පැක් එක ගන්න ගිය වෙලේ නිලුපුල් අයියයි ලක්කයි එකතුවෙලා සී අයි ඩි එකෙන් වගේ ප්‍රශ්න කරන්න ගත්තනේ. හරි සෝක් වෙරි ගුඩ්.

"මොකෝ වෙන්ඩ බෝයිපෙන් කිව්වේ"

"කීව්වා ප#ක්"

"අගේ නොකර කියපන්. අපි දෙන්නා දන්නවා තොපි දෙන්නා ඊයෙ බීච් එකෙ හිටියේ කියලා"

"තවුසේ කෝමද ලක්කා ද-"

"අපිත් ඔයාල ගියාට පස්සේ බීච් එකට ආවා. ටික වෙලාවක ඉදලා සුඩු අයියාට සිතලයි කියලා ආය ආවා"

"හුම්ම්ම්. එයා කිව්වා ඉතින්"

"දැන් සෙට්ද මල්ලි ඔයාලා"

"හයියෝ නැ නැ. එයා කිවා එයා කෙනෙක්ට ආදරෙයි කියල. ඒ කෙනාට ඒක කියන්න බයයිලු. ආදරේ හිතේ තියන් මැරෙනතුරු ම ඉන්නවලු. එයාට අයියගේ ආදරේ දැනෙනව කියල හිතුනොත් අහනවලු. නැත්නම් නෑල්ලු"

"ඉතින් කේප්ප වස්සෝ තෝ ආදරේ දැනෙන විදියට හිටපන්කෝ"

"මට බයයි බං මොනව උනත්"

"තොට මම ආයෙ කියන්නෑ මුකුත්ම බල්ලො. රෙද්ද."

"මල්ලි, ඔයා කල් අරන් හිතන්න. හොදට හිතන්න. ඔය දෙන්නගේ ගැලපිම් මොනාද බලන්න. ඔයාලට එකට ඉන්න පුලුවන්ද බලන්න. හැමදේම බලලා ඔයාම ඩිසයිඩ් කරන්න මොකද්ද කරන්න හොදම දේ කියලා. එතකල් ලගින්ම ආශ්‍රය කරන්න"

"තේරුනා අයියේ මට"

"ගුඩ් බෝයි. යමු පහලට. අපි දැන් යන්නත් ඕනනේ"

අපි තුන් දෙනා පහලට ගියා. අපි යද්දිත් කට්ටියම වෑන් එකේ ඉන්නවා. මුලින්ම අපි ගියේ මිරිස්සට. මුහුද මැද්දේ යද්දි නං මට වමනෙටත් එන්න ආවා. වෙලාවට ටැබ්ලට් එකක් බීලා ආවේ. තල්මස්සු බලන්නත් විදින දුකක්. ඇයි යකෝ ඩිස්කවරි එකෙන් බැලුවනම් මිට ලේසියිනේ. කොහොම හරි පැය දෙකකට විතර පස්සේ අපි තල්මස්සු බලලා ආවා. ඊට පස්සේ මාතර මයුර රෙස්ටොරන්ට් එකෙන් ලන්ච් එකත් අරන් අපි ගියේ හුම්මානෙට. හම්මෝ එතනට ගියාම මගේ පණ ලෙෆ්ට් නොව්න එක විතරයි උනේ. හුට්ට. මම බයටම අභි අයියවයි විහග අයියවයි දෙන්නගෙම අත් දෙක බදන් හිටියේ. එතන පට්ට ලස්සනයි ඒත් මට මහ අමුතු බයක් දැනුනා. හුම්මානෙත් බලලා අපි ආයෙ ආවා දෙවුන්දර ලයිට් හව්ස් එකට. එතන බීච් එක නං පට්ට. හෙන නිස්කලංකයි. රූස්ස ටයිප් එකට වැවුන පොල් ගස් ටික නිසා හෙවණත් තියනවා. අපි ලයිට් හවුස් එක ලග පැය තුනක් විතර හිටියා. වෙලාව යනවා දැනුනෙවත් නෑ එතනින් පිටත් උන අපි පරවි දූපතට තමා ඊලගට ආවේ. මෙතන හරි ලස්සනයි. මුහුද මැද තියන පන්සලක් තමා පරවි දුපත කියන්නේ. නිස්කලංකයී. ඉන්න ආස හිතෙනවා. පරවි දුපතින් පස්සේ අපි ගියේ මාතර බෝධියට. එතන සැහෙන්න අනුහස්ලු. අපි බුදුන් වැදලා අපේ එක්සැම් ගැනත් මතක් කරලා ආවා.

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Donde viven las historias. Descúbrelo ahora