Chapter 08

143 28 2
                                    

"ලොකු පුතා, ලක්මුතු පුතා, බබා පහලට එන්න... මම බීම එකක් හැදුවා. ඒක බීලා පාඩම් වැඩ ටික කරගන්න "

අම්මා කතා කරද්දි අපි තුන් දෙනාම පහලට ගියා. අම්මයි සහේලි ආන්ටියි නම් Veere di Wedding මූවී එක බලනවා. ලක්කා දුවන් ගිහින් සහේලි ආන්ටිගේ ඔඩොක්කුවට පැන්නා. මමත් අපේ අම්මගේ ඔඩොක්කුවට පනිද්දි අයියා අපේ එහා පැත්තෙන් වාඩි උනා.

"බලන්න සහේලි අවුරුදු දාසයක් වෙලත් නාකි හුරතල්නේ තාම"

"කියල වැඩක් නැ අයේශා. මේ ලමයිගේ ලමා මානසිකත්වේ කවද නැතිවෙයිද දන්නැ"

"අනේද කියන්නේ. කෝ පුතා සෝෆා එකෙන් වාඩිවෙන්න. මේ ලොකු අයිය කෙනෙකුත් ඉන්න තැන බබාලා වගේ හැසිරෙන්න එපා"

අපේ සුදුදෝණියා මාව සෝෆා එකට තල්ලු කලා. එයාගේ එහා පැත්තෙන් හිටියේ අභි අයියනේ. මාව කෙලින්ම ගිහින් වැටුනේ එයාගේ උකුල උඩට. අම්මා මට බැන්නම මෙයා හැක හැක ගගා හිනා උනත් එක්ක. මෝඩ ගස් ඔටුවා.

"එහාට යනවකෝ අයියේ. කේක් ගෙඩිය තියල වගේ ඉන්නේ"

"ඔයා අනිත් පැත්තෙන් වාඩිවෙන්න."

"අනේ අම්මේ...... මේහ් මට මෙතනමයි ඕන"

"බබා නෝටි වෙන්න එපා හරිද. දෙනවා අම්මා ගුටියක් දැන්"

"දෙන්ඩ ආන්ටි පුප රත්වෙන්න දෙකක් මූට"

පෙනේද හිච්චි බේසික් කොලුවා කියන කතන්දර. මු මගේ යාලුව වෙලත් දැන් මට වෙනස්කම්. ඔහොම යමුකෝ ලක්කා ඉතින්. මම අයියගේ උකුලේ ඉදන්ම බීම එක බිබී අම්මායි සහේලි ආන්ටියි බල බල හිටපු මුවි එක දිහා ඔහේ බලන් හිටියා. ටිකකින් අයියට කෝල් එකක් ඇවිත් කාමරේට ගියා. අම්මා අපේ බීම විදුරු ටික අරන් කුස්සියට යද්දි මමත් එයා පස්සෙන් ගියා.

"පැටියෝ"

"අම්මේ"

"මට ඇත්තම කියන්න. මගෙ පුතා අර දරුවා එක්ක සම්බන්ධයක් පටන් අරන්ද තියන්නේ? අම්මා බනින්නැනේ ඇත්තම කියන්න ඕන හොදද?"

"සත්තයි අම්මා තාම නෑ. ඒ උනාට එයා ඉස්සරහ මට සාමාන්‍ය විදියට ඉන්න අමාරුයි එයත් ඉස්සර වගේ නෙවෙයි දැන්. මං ගැන හුගක් කෙයාරින්. ඔයා දැක්කනේ ඉතින්. අනික එයා හැසිරෙන්නේත් එයාගෙ හිතෙත් මං ගැන මොනවා හරි තියනවා වගේ "

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Onde histórias criam vida. Descubra agora