ℙ𝕌ℤℤ𝕃𝔼 💔 2 💔 ℍ𝔼𝔸ℝ𝕋

195 19 67
                                    

A/N ආපහු පරණ book එකට ආවා ළමයි...🥺❤️

ස්කූල් කොටස් වල වැඩිපුර දෙබස් ඉංග්‍රිසියෙන් කියලා හිතන්න හොඳද..international scl එකක්නේ...මට පහසු මෙහෙම නිසා සිංහලෙන්ම ලියනවා...😊

❤❥💚❥❤❥💚❥❤❥💚❥❤❥💚❥❤❥💚❥❤❥💚❥❤❥

"ලෝක ඉතිහාසයේ අදාල සැත්කමින් පසු රෝගියෙකු ගතකරන ලද වැඩිම ආයුකාලය අවුරුදු 39ක් වන අතර අදාල සැත්කමින් පසු වැඩිම ආයු කාලයකට හිමිකම් කියන ළද ප්‍රථම ලාංකීය රෝගියා විදිහට මෙම රෝගියා වාර්තා අතරට එක්වෙනවා...තවද මෙරට රෝහලක එකම රෝගියෙකුටම දෙවැනි වතාවටත් කරන ළද අදාල සැත්කමින් සාර්ථකත්වයට පත් උණු ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍යවරුන් පවසනවා...සැත්කමින් පසු මේ වන විටත් රෝගියා සිහිසුන් තත්වයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූවත් ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර......."

මනුස්සයෙක් ඇඳ උඩ ඉන්නවාදත් නොපෙනෙන ගාණට රෝගියා වෛද්‍ය උපකරණ වලින් වැසී උන්නත්, දැඩිසත්කාර ඒකකයෙන් මේ දැන් විශේස කාමරයකට මාරු කරන ලද රෝගියාව පරික්ෂා කරන ගමන් රාජකාරි අතරේම , බිත්තියක එල්ලුන රූපවාහිනියෙන් විකාශය උණ ප්‍රවෘති ප්‍රකාශනයට සවන් දුන් සියලු වෛද්‍යවරුන්ගේ මුහුණු වල දකින්න ලැබුණේ තමන් උපරිමය යොදවන ළද රාජකාරිය ගැන තෘප්තිමත් බවක්....

"එයාලා හරි ලොකුවට ඒ ගැන කතා කරනවා..."

"එහෙම වෙන්න එපෑ...ලේසි වැඩක් නෙමෙ අපි කරේ කොහොමත්...."

"ඒක ඇත්ත...මනුස්සයෙකුට වතාවක් ජීවිතේ දෙනවා වගේ නෙමෙ...දෙවතාවක් දෙනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙ...ඒක හාස්කමක් වගේ..."

"....ඒ..එයා ඇත්තටම හොඳින්ද ඩොක්ටර්...මේ තරම් දවස් සි..හිය..."

රෝගියාව පරීක්ෂා කරන අතරේම සිදු උණ වෛද්‍යවරුන්ගෙ කතා බහට ඇහුම්කන් දෙන ගමන් , නානාප්‍රකාර වෛද්‍ය උපකරණ වලින් ආයිමත් වැහිලා යන තමන්ගෙ ආදරණියයා දිහා කෙනෙක් හරි වේදනාවෙන් බලන් උන්නා...ජීවිතයත් මරණයත් අතර තැනක හිරවෙලා උන්නේ තමන්ගෙ ආදරණියා උණත් , ඒ කෙනාට දැනුණෙම තමන්ගෙත් හුස්ම නැවතිලා ඇති බවක්...ඒ ඇස් දෙකෙන් පාලනයක් නැතිව කඳුලූ වැල් පෝලිමක් ගලන් යද්දී ඇහෙන නෑහෙන කටහඬකින් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් යොමු උණා....

ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋  ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -Where stories live. Discover now