02 කොටස
ගම්මානේ උඩහට වෙන්න වෙන්න තියෙන්නේ රබර් වතු...පහලට වෙන්න ගමට ඇතුලු වෙන්න තියෙන බොරළු පාර දෙපැත්තේ තියෙන සූරියකාන්ත මල් යාය..හරියට මැද කන්ද කොටස එක්ක රෝමානු කතෝලික පල්ලිය...බඩ ඉරිඟු වාගේ අස්වනු වලට වගා කරන මුං , තල ,මෙනේරි වගේ වතු යායවල්... ඒ අතරමැද මේ ගම්මානේ...
පුරා දින සති මාස අවුරුදු පුරා සාමකාමි පැවති මේ ගම් තුලානේ අහල ගම් හතකටවත් හතුරෙක් තියා මංකොල්ලකාරයෙක්වත් හිටියේ නෑ..ඒත් දැන් දින දෙකකට එනම් ගුරු දින ඉරිදා අද්භූත ලෙස පඹයෙකුට ඇද බැද දමා තිබූ මිනියත් සමග කාගේ කාගෙත් අවදානේ වැඩි වුනේ තම තමන්ගේ ආරක්ශාව ගැන හිතලමයි...
අද බදාදා...තවත් මිනියක්...පෙර පරිදිම මිනිය එක හා සමාන ලෙස එල්ලා තිබූ මිනියේ අයිතිකරුවන් දෙදෙනාම මෙම ගම්මානේ සිටි තරුණ ජව සම්පන්න ගැටයන්ය...විශේශම දේ වෙන්නේ මේ සිදුවීමේදි මේ දෙන්නා මිතුරන් වීම...පයට පෑගෙන ගල් කැට ගැන තැකිමක් නැතුව කොලු ගැටයා පල්ලිය පාර දිගේ ඉදිරියට ගෑටුවේ තමාගෙ නිවහනට වික්ෂිප්ත බවකින් සහ විලම්භීත හැගිම් ගොන්නකුත් එක්ක...
මේ සියල්ලම පසක තමන් සිටීදෝ වැනි හැගිමක් පපුකැවුතු අස්සේ හාරා දැනුම් දෙන බව ගැහෙන හදින් සැල කරන නිසා කොලු ගැටයා සිටියේ අසීමාන්තික බියකින්...පසුපසින් ඇසුණු තර්ජනාතමක ස්වරයේ හඩක් නිසා නතර වුනු දෙපා ගැන මේ වෙලේ කොලු ගැටයාගේ හිතට ආවේ තරහක්..
"ඕයි ඔහොම නැවතියන්!!!!"
"ඕයි...ඕයි ....අරුණළු උබට තමා කියන්නේ නැවතියන්..."
උදේට මල් පෙති වල විසිරිලා යන පිනි බිදුවක් තරම් සුමට ,හිරු කිරණ මෙන් දීප්තිමත් හරිම නිරහංකාර ගමේ අත්තම්මලාගේ භාශාවෙන් කියනවා නම් හරිම කරදරකාර කඩවසම් ජවසම්පන්න තරුණයෙක් තමයි මේ අරුණළු කියන්නේ ...ඇරපු අතක් නෑ අරුණළු කියන්නේ එයාගේ නමට උපරිම සාදාරණේ කරන කොල්ලෙක්...
"මෙහෙට වරෙන් ඉතින්...."
ආයෙත් තර්ජනාත්මක හඩක පහරක්...ආරුඪ කරගත් සැහැල්ලු බවක් එක්ක අරුණළු ඔවුන් අතරට ගියේ හිතේ තෙරෙපෙන ප්‍රශ්න සියල්ල පැත්තකට තල්ලු කරන ගමන්...කණ්ඩායමේ පස් දෙනෙක් ඉන්නවා..එතකොට දැන් මෙතන ඉන්නේ තුන් දෙනයි...මොකද අනිත් වුන් දෙන්නා මැරිලානේ...උන් මැරිච්ච එකමයි හොද කියන එක අරුණළුගේ මුවේ මන්තරයක් වගේ මිමිණුනා...