01 කොටස
මළ මිනියක්...!!!!!
උදේ හය හමාර පහු වෙලා ලාවට වැටෙන ඉර එළිය නිසා ඉලුක් තණ පඳුරු උඩ රැදිලා තියෙන වතුර බිංදු දිලිසෙනවා ...කුරුල්ලන්ගේ කිචිබිචි සද්දත් එක්ක උදේ ප්රබෝධමත් වෙලා තිබුනත් ඒ හැම නැවුම් ගතියක්ම විනශ කරන ගමන් ඇහුනේ අදෝනාවක්...නෑ කාන්තාවකගේ විලාපයක්...
සූරියකාන්ත මල් යාය මැදි වෙන්නට තිබුනු රතු පස් මිශ්ර වුනු බොරළු පාරේ බාගෙට ගැලවුනු බාටා කෑල්ල අතේ තියන් සද්දේ ඇහුණු දිහාවට හැරුනේ අඩි පහයි අඟල් දහයක් විතර උස කොලු ගැටයෙක්...කොලු ගැටයෙක් කියන්නත් බෑ ඉලන්දාරියෙක්....බිමට අත ඇරුනු සෙරෙප්පු ගැනවත් තැකිමක් නොකර ලන්ද උඩ පල්ලියට හැරෙන තැන බඩ ඉරිඟු යායට දිව්වේ මූසල ගතියකින් හිත වෙලා ගන්න කොට..හිතේ කෑකෑරෙන බය එක්ක මුසු වුනු කලබල ගතිය නිසාම අනිත් සෙරෙප්පුවත් ගැලවිලා යනවා මේ කොලු ගැටයාට දැනුනේ නෑ...
තවත් මිනියක්...!!!
පොලිසියෙන් කියන්නේ කිසිම සාක්කියක් නෑ කියලලු..!!!
කවුද මරන්න ඇත්තේ මෙහෙම...!!!
අපි පාරේක තොටක බැහැලාවත් යන්නේ කොහොමද ...!!!
මිනිය වටේ වට වෙලා ඉන්න මිනිස්සුන්ගේ සද්දේ....සෙනඟ නිසා මිනිය ලගට යන්න බැරුව ලත වුනු කොලුගැටයා සෙනඟ පීරගෙන ඉස්සරහට යනකොට පොලිස් මහත්තුරු දෙන්නෙක් එකතු වෙලා මිනිස්සුන්ව මිනියට කිට්ටු වෙන්න නොදී ඈත් කරන ගමන් හිටියා...අතරින් පතර සෙනඟ ගොඩේම ඔලුව දාලා මිනියේ අයිතිකාරයා හොයාගන්න කොලු ගැටයාට තිබුනේ එසේ මෙසේ උනන්දුවක් නෙමෙයි...
මොකද තමන් අනුමාන කරපු මනුස්සයමද කියලා තහවුරු කරගන්න මේ කොලු ගැටයාට ඕන වුනා...දැනටමත් දාඩිය ගලාගෙන කොදු නාරටිය තෙමාගෙන සීතලක් දැනෙනකොට කොලුගැටයාට හිතාගන්න බැරි වුනා ඒ දුවගෙන ආපු නිසාද නැත්තම් මේ මස් පිරුනු පපුව ඇතුලේ ගොජ ගොජ ගාලා ගැහෙන හදවතේ සද්දේ වැඩි වෙන්නේ බය නිසාද කියලා....
මිනියේ පෙනුම තනිකරම පඹයෙක් වගේ...බඩ ඉරිඟු යායේ මුරට හිටවලා තිබුන පඹයා දැන් මේ ලගකදි ඉදන් මිනි පඹයෙක් වෙලා ...දැන් දවස් දෙකකට කලින් හිටියේ වෙන පඹයෙක්...එකත් මිනියක්...දැන් අලුත් එකෙක්...බඩ ඉරිඟු අස්වැන්න ඵල දාලා පීදීගෙන එන කාලේ බඩ ඉරිඟු ළපටි කරල් කන්න එන වල් ඌරෝ,කැලෑ හාවෝ ,ඌරූ මීයන්ව එලවන්න අටවලා තිබුනු පඹයා දැන් සත්තු විතරක් නෙමෙයි මිනිස්සුත් බය කරන්න පටන් අරන් ...විශේශම දේ මේ පඹයා හැදුවේ වෙන කවුරුවත් නෙමෙයි මෙන්න මේ කොලු ගැටයා...