05 කොටස

19 5 4
                                    

05 කොටස


"හික්....උබට ප්‍රධාන ශිෂ්‍ය නායකයාව හම්බ වුනාද...හික්"


ගිහාන්ට කොහෙවත් තිබ්බේ නැති ඉක්කාවකුත් එකපාරටම මතු වුනේ ප්‍රධාන ශිෂ්‍ය නායක ගැන අරුණළු ඇහුවාම...ඒක ඒ තරම්ම බය වෙන්න ඕන කාරණාවක්ද කියලා අරුණළුට හිතුනේ...


"ඔව්...!!!"


"ඉතින් මොකද වුනේ...උබව කුදලගෙන ලොක්කා ගාවට එක්කන් ගියාද ...."


"නෑ !!!! ශිෂ්‍ය නායක වුනා කියලා ලොකුද නෑනේ ...මං විරිත්තලා ආවේ එකාට..."


"අයියෝ බම්...අයියෝ ....උබ ගම කනවා...උබට හොදටම විශ්වාසද ඒ ප්‍රධාම ශිෂ්‍ය නායක කියලා..."


"ඔව් නැතුව...එයා එහෙම තමයි කිවේ...බැජ් එකේ දම්වැලක් එල්ලුනා අගේට..."



අරුණළුගේ උත්තර එක්ක ගිහාන් ඔලුවේ අත ගහගත්තේ දාගෙන ඉන්න කණ්නාඩි කුට්ටම ගලවලා අතට ගන්න ගමන්...අරුණළු නම් සාමන්‍ය විදිහට ඩෙස්ක් එකේ පත බෑවිලා හිටියා...



"උබ ඇත්තටම දන්නේ නැද්ද බන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා කවුද කියලා....දන්නේ කොහේද ඉස්කෝලේ එන්න එපැයි උබ..."




"හරි...හරි ගිහානයා...ඕක මොකක්ද දැන් වෙලා ඉවරනේහ්..."


"අනේ ගොන් වස්සෝ....මං මෙච්චර කියවන්නේ නෑ ඕක වෙන ශිෂ්‍ය නායකයෙක්ට වුනා නම්....මෙතන එයා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට වඩා දෙයක් තියෙනවා...."




"ඇයි ඔච්චර බය වෙන්න එයා අර හොල්මන් බංගලාවේ පුංචි හාමුවාද නෑනේ...ඔන්න එහෙනම් බය වෙන්න තිබ්බා..."



"අනේ සන්තානම් මෑණියනේ...උබ නම් මේ ගමේ එකෙක් නෙමේ යකෝ...වලව්වේ පුංචි හාමු තමයි යකෝ ප්‍රධාන ශිෂ්‍ය නායක ..."



වැලමිට මේසෙට තද කරන් ගිහාන් දිහාවට හැරිලා ඔහේ අහගෙන හිටපු අරුණළුගේ වැලමිට පැනලා වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...ගිහාන් ආපහු මේසේ උඩ තිබුනු කණ්නාඩි කුට්ටම දාගත්තේ ඒ අතරේ...ඔන්න දැන් නම් පොඩි තිගැස්මක් අරුණළුගේ හිතට ආවා....



🪵පඹයා🗿- BL nonficWhere stories live. Discover now