03 කොටස
දුර්ලභ සංසිද්ධියක ලකුණු අහසේ දිස්වෙන දිහා අරුණළු බලන් හිටියේ හිස් හැගිමකින්...අව්වත් වැස්සත් දේදුන්නක පෙර නිමිති වුනාට ඒක හැම වෙලේම පොදු ධර්මතාවයක් නෙමෙයි...දේදුන්නට ඕනේ නම් විතරක් පායනවා නැත්තම් එහෙම හිතුන පලියට පායන්නෙත් නෑ කියලයි අරුණළු හිතන් හිටියේ...ඒත් ඒ මතේ ඔලුවෙන් අයින් කරගන්න වුනේ කෙනෙක් එයාට කියලා දීපු දේදුන්නක විපර්යාස පාඩම නිසා...
කොහොම වුනත් අද බ්රහස්පතින්දා ...ඊයේ දවස ගෙවුනේ කොහොමද කියලාවත් අදහසක් අරුණළුට තිබුනේ නෑ...එයාගේ අම්මා හදලා දුන්නු තේ කොප්පෙත් අතේ තියන් පිල උඩ ඉදන් බලන් හිටියේ පොද පොද වැටෙන වැස්ස එක්ක ඈත අහසේ ලාවට පායන ඉර දිහා...කන්ද මුදුනටම වෙන්න තියෙන විශාල බංගලාවේ කොටසක් පහල තියෙන අරුණළුගේ ගෙදරට පේනවා...
දකුණු අතේ රැදිලා තියෙන බෙලෙක්ක කෝප්පේ වම් අතෙන් තුරුලු කරන් ඉන්න හාවා...හාවෙක් කිව්වට හා කොට්ටයක්...ඒකත් දේදුනු විපර්යාස පාඩම කියලා දුන්නු කෙනා දීපු මතකයට නව පන්නරයක්...හාවවත් තුරුලු කරන් වලව්ව දිහාට ඇස් යැව්ව අරුණළුට මතක් වුනේ කවදාවත් අමතක කරන්න බැරි මතක ගොඩක් දීපු කෙනෙක්ව....
වලව්වේ පුංචි බේබි...
දුර්ග පන්සිළු...කියන්නේම වලව් පැළැන්තිය හදුන්නන්න පුලුවන් රදල කුමාරයෙක්...හරිම සන්සුන් තැන්පත්ව ඉන්න කෙනෙක් තමයි මේ පුංචි බේබි...තරහ කියන වචනේ අල්පමාත්රයක්වත් නැති හැමෝටම කාරුණිකව ජිවත් වුනු කෙනෙක් තමයි මේ පුංචි බේබි...අහිංසකකමේ ප්රතිමූර්තිය කියලයි අරුණළු නම් කිව්වේ...ඒ කොහොම වුනත් මේ දෙන්නව මුලින්ම හම්බ වෙන්නේ අටේ පන්තියේදී...එහෙමමත් නෙමෙයි ....අරුණළු අටේ පන්තියේ ඉද්දි පන්සිළු හිටියේ දහයේ පන්තියේ...
ඉස්කෝලේ විදුහල්පතිකම දැරුවේ විජේරත්න සර්...කෙටියෙන් කිව්වොත් පන්සිළුගේ මාමා...ප්රදාන ශිශ්ය නායකයා වුනේ වෙන කවුරුවත් නෙමෙයි පන්සිළු බේබිම තමයි...වලව්වේ රදල කුමාරයෙක් නිසාම නෙමෙයි ප්රදාන ශිශ්ය නායකකමට හරියන්න තේජසක් පන්සිළු බේබිට තිබුනා...ඉස්කෝලේ ළමයි බෙරිහන් දෙනකොට වෙන ගුරුවරු වගේ නෙමෙයි පන්සිළු බේබි හැරිලා විතරයි බලන්න ඕන....ඒ හීනි දිගැටි ඇස් වලට කවුරුත් අඩියක් පස්සට ගන්නේ නිකම්ම නෙමෙයි ගැස්සිලාම ගිහින්...ඉතින් පන්සිළු බේබිට ශිෂ්ය නායකයා හැටියට වැඩි දෙයක් කරන්න තිබ්බේ නෑ...මොකද නරක වැඩ ,දග වැඩ කරන ළමයි අඩු නිසා...ඔය අතරේ තමයි අරුණළු කියන කොලු ගැටයා දඩබ්බරයෙක් වුනේ...