09 කොටස
"ඇයි චූටි හාමුවා ඉන්නේ...."
අරුණළුගෙන් ලැබුණේ පන්සිළු හාමුවා බලාපොරොත්තු නොවුනු හයේ පාරක්...හිත ඇතුලේ තෙරපෙන හැගිම් කූද්දන්න අරුණළුගේ ඒ වචන සෑහෙන්න ඇති කියලා පන්සිළු හාමුවට තේරුනා.. ඒත් මේ දැන් අරුණළු කිව්වේ තමන් ගැන මොන වගේ හැගිමකින්ද කියලා විතරක් පන්සිළු හාමුවට තේරුම්ගන්න බැරි වුනා..
අරුණළු දිහා ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතුව බලන් ඉදලා පන්සිළු හාමු නැගිට්ටේ කේතලේ පැහෙන සද්දෙට....කෝපි දෙකක් හදලා බෝතලේ තිබුනු විස්කෝතු පැකට් එකත් එක්ක අරුණළු ළඟින් වාඩි වුනු පන්සිළු හාමු අරුණළුගේ අතට කෝපි එක දුන්නේ මුකුත්ම නොකියා....අරුණළු නොතේරෙන හැගිමකින් හිටියේ...
පන්සිළු හාමු මේ දැන් අහපු ප්රශ්නේ ගැන අරුණළුට තේරුම් ගියේ පස්සේ...මොන වගේ ආදරයක්ද මේ පන්සිළු හාමු කියන්නේ ... ඒත් පන්සිළු හාමු අහපු ප්රශ්නෙත් එක්ක අරුණළුට මුලින්ම මතක් වුනේ පන්සිළු හාමුව....තමන් ආදරෙ කරන්නේ පන්සිළු හාමුටද...ඒක තේරුම් ගත්තත් එක්කම අරුණළුගේ අතේ තිබුනු කෝපි කොප්පේන් උනු කෝපි ටිකක් ඇගට හැලුනා...
"බලාගෙන දරුවෝ....!!!!"
අරුණළුටත් වඩා කලබල වුනේ පන්සිළු හාමු...අරුණළු අතේ තිබුනු කෝපි කෝප්පේ උදුරලා වගේ අරන් මේස කෑල්ලෙන් තියලා පන්සිළු හාමුවා අරුණළුගේ ඇගේ වැටිලා තිබුනු කෝපී පිහදාලා දැම්මේ අරුණළුගේ අතකුත් අල්ලගෙන....
පන්සිළු හාමුවගේ ඇස් අරුණළු දිහා බලාගෙනම එහා මෙහා යන හැටි අරුණළු බලන් හිටියේ දිලිසෙන ඇස් වලින් ...ඒකෙන් අරුණළුගේ පපුවේ සද්දේ වැඩි වෙනවා කියලා අරුණළුට තේරුනා...වෙනදාට පන්සිළු හාමු අතින් ඇල්ලුවට වඩා දැන් අල්ලනකොට තමන්ට පපුවේ අමාරුවක් හැදෙනවා කියලා අරුණළුට පන්සිළු හාමුවගේ ඒ ස්පර්ශයෙන් තේරුනා...
ආයෙත් මේසේ තිබුනු කෝපි එක ගත්ත අරුණළු විස්කෝතුවක් පොගවලා අරන් කටේ දාගත්තා...පන්සිළු හාමුවගේ ඇස් දිගටම වැටිලා තිබුනේ අරුණළු දිහාවට දෙන්නත් එක්ක ජනෙල්ලෙන් එලිය බලන ගමන් කෝපි එක බිව්වා...ඒ අතරෙ අරුණළුගේ තොල් අතර රැදිලා තිබුනු කෝපි මණ්ඩි දිහා පන්සිළු හාමුගේ ඇස් වැටිලා තිබුනේ...නොදැනිම ගියපු පන්සිළු හාමුවගේ අත අරුණළුගේ තොල් අතර නතර වුනේ අරුණළු වගේම පන්සිළු හාමුවගෙත් හදවත් වල ගැස්ම වැඩි කරලා...