".......පුනරුත්ථාපන ඒකකය..."
හොස්පිට්ල් එකේ අයිනකට වෙන්න තනි පේලියට තිබුණ ගොඩ නැඟිල්ලකින් එළියට ආපු අවුරුදු 16ක් 17ක් උණ පිරිමි ළමයෙක් ආපහු හැරිලා දොරට උඩින් තිබුණ බෝර්ඩ් එක දිහා බලලා මහ බරට සුසුමක් හෙළුවා....
පුනරුත්තාපනය...වචනේ ඇහුවත් මතක් වෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උණ අය උණත්..පුනරුත්ථාපනය වෙන්නේ ඒ අය විතරක්ම නෙමෙ...හරියට කිවුවොත් ඒ වචනෙන් කියවෙන්නේ වැටුණ තැනින් නැගිටිනවා වගේ දෙයක්..
කෙනෙක් අසනීපයක් නිසා හරි, අනතුරක් නිසා හරි ,තුවාලයක් නිසා හර්,ඇබ්බැහියක් නිසා හරි පීඩාවට පත් උනොත්..නැත්තං කඩන් වැටුණොත්....ඒ වැටුණ තැනින් කායික ,මානසික වගේම සමාජීය වශයෙනුත් නැගින්න අත හිත දෙන්න තමා මේ වගේ ඒකක තියෙන්නේ...
වෛද්‍යවරු...හෙදියෝ...මනෝ චිකිස්සකයෝ..භෞත චිකිත්සකයෝ...වෘතිය චිකිත්සකයෝ...පෝශන වේදියෝ..ගොඩක් අයගෙ මැදිහත්වීමෙනුයි වැටුණ මනුස්සයෙක්ව ඒ වැටුණ තැනින් නැගිට්ටවලා පුළුවන් උපරිමයෙන් කලින් උන්න තත්වේට හෝ ඉන්නවාට වඩා හොඳ තත්වෙකට ගේන මෙහෙයුම සිද්ද වෙන්නේ...
පුනරුත්ථාපනේ වෙනවා කියන එකේ තේරුම නම් විවිධාකාරයි...ලැබෙන ප්‍රතිඵලත් ධනාත්මකයි..ඒත් මොන හේතුවක් මත උණත් පුනරුත්ථාපනය වෙන්න ඕනා තත්වෙකට කෙනෙක් පත්වෙනවා කියන එක....අනිවාර්යෙන් ඒ පිටිපස්සේ තියෙන්නේ වේදනාත්මක කතාවක්...
ඒකත් මේ වගේ පොඩි වයසක...ඒ වයසට කඩවසම් බවේ උපරිමේ උන්න...බැලු බැල්මට පෙනුමට හයියට උන්න...තරුණ පිරිමි ළමයෙකුට පුනරුත්ථාපනය වෙන්න හේතු තියෙනවා කියන එක....!!
ඒ ගැන හිතද්දීත්..පිරිමි ළමයාගේ හිතේ තමන් ගැනම අනුකම්පාවක් ඇති වෙන්න ආවාත් හැමදාම වගේ ඒ සිතුවිල්ලට ඉඩ නොදුන්න පිරිමි ළමයා හිත ගල් කරන් ආපිට හැරුණා...
ඒත් ඒ හැරෙන පිම්මේ එයාගෙ ඇස් නතර උණේ නුදුරින් නතර කරපු වෑන් එකක් ළඟ...වාහනේ පිටිපස්සේ ෂටර් එකේ අලවලා තිබුණ, එකට බැදුණු රවුම් දෙකක් මැද්දේ තටු විදපු කුරුල්ලෙක් සහිත, හුරු පුරුදු ස්ටිකර් එක නිසා පිරිමි ළමයාගේ අවධානේ ඒ දිහාවට යද්දී කුතුහලෙන් වගේ පිරිමි ළමයා වාහනේ පිටිපස්සෙන් ඒ දිහාවට කිට්ටු උණා...
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfiction✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...