තුන්වන පරිච්ඡේදය

302 52 128
                                    

අපි යාලුවොලු..
හරි හරි අසේල් එහෙම කිව්වෙ නෑ තමයි..
ඒත් ඉතින්, එයා මට තරහා වෙන්න එපා කියලා කිව්වනේ...
ඒ ඉතින් එයාගෙ හිතේ මන් ගැන යාලුවෙක් වගේ කියන හැඟීම තියන නිසා වෙන්න ඇති නේ...

ඒත් ඉතින් යාලුකම...

මට සතුටු වෙන්න ඕන...
උණුම උණු කෝපි කෝප්පයක් කියලා එයාව මට දැනුන එකට...
ඒ වගේම එයා මගෙ යාලුවෙක් වුන එකට...

ඒත් මට දැනුන උණුම උණු කෝපි කෝප්පෙන් මන් බලාපොරොත්තු වෙන්නේ යාලුකමක් ද ?...

ආහ්... තවත් ප්‍රශ්නයක්....
මේ ප්‍රශ්න පත්තරේ එන්න එන්නම දිග වැඩි වෙනවා...

උත්තර ලියන්න ආස හිතෙනවා කියලා හිතුවා වුනත්, මේ වගේ ප්‍රශ්න නම් හරිම අමාරුයි....

මන් ආයෙ මගෙ ඉස්සරහ හිටිය අසේල් දිහා බැලුවා...
මේක හරි අමුතුයි... ගොඩක් අමුතුයි...
කලින් අසේල් පොඩි කොල්ලා කියලා අසේල් ගැන හිතපු මට,

දැන් අසේල්....! අසේල් විතරයි...

කොහොම හරි අසේල් ඒ වෙලාවෙ හිටියේ එයා ගෙනත් තිබ්බ සයිඩ් බෑග් එක ඇතුලෙන් මොකක්ද පොතක් ගන්න ගමන්...

ඒක කටු සටහන් පොතක්...
හරියට මගෙ නෝට් පොත වගේම...

අපේ අදහස් වලට අපි මුලින්ම පන දෙන තැන....

මම අසේල් දිහා බලන් හිටිය විදිය නිසාද කොහෙද අසේල් මා එක්ක හිනා වුනා...
ඔහොම හිනා වෙන්න එපා අසේල්...

වෙන කෙනෙක් නම් කියයි එහෙම උනාම ඔයාගෙ හිනාවෙ අගයක් නැතිවෙයි කියලා...
ඒත් මට...

මට ඔය හිනාව දකින්න දකින්න හරියට ආස හිතෙනවා....
අගය වැඩියෙන් දැනෙනවා...

ඒකත් හරියට ඔයා කිව්ව වයින් වගේ...
නෑ... මං කිව්ව පොල් කේක් වගේ...

මම ඉතින් ඉක්මනට අසේල්ගෙ ඇස් වලින් මගේ ඇස් ගලව ගත්තා...
ආයෙම ඉතින් මං මගේ ඇස් ගෙනාවේ මගෙ නෝට් පොතේ පිටුවලට...

දැනට විනාඩි කීපයකටත් කලින් හිස් වෙලා තිබ්බ මගෙ නෝට් පොතේ පලවෙනිම පිටුව...

අසේල් මට එයා එක්ක තරහා වෙන්න එපා කියලා කියපු මොහොතෙන් පස්සේ,

තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now