හයවන පරිච්ඡේදය

227 53 98
                                    

අද,
අද ඔක්තෝම්බර් මාසෙ 31 වෙනිදා.
මම ත්‍රිකුණාමලයට ඇවිත් මාස දෙකකටත් ලගයි.

සති දෙකයි...
සාමාන්‍යයෙන් මම වෙනදට ගෙදරින් පිට ඉන්නේ උපරිම සති දෙකයි.
ඒත්... ඒත් මේ වතාවේ ඒක මාස දෙකකුත් වෙලා.

අපේ අම්මට අනුව නම් මට නිලාවේලි වල කරෝල විකුණන කෙල්ලෙක්ට හිත ගිහින්ලු.
ඒක නිසාලු මන් ගෙදර එන්නෙ නැත්තේ.

මං කොහොමද අම්මට කියන්නේ හිත ගිය කෙනා, කරෝල විකුණන කෙනෙක් නෙවෙයි කියලා.
අනික.... අනික මං කොහොමද කියන්නේ මගෙ හිත අල්ලගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙවෙයි කියලා.

ඔව්...
මං අසේල්ට ආදරෙයි. මං දන්නෙ නෑ.
මං හිතන්නෙ ඒ මම එයාව පලවෙනි වතාවේ දැක්ක මොහොතෙ ඉදන්මයි.
ඒත් මං එක දෙයක් නම් දන්නවා මේ දැනෙන හැඟීමට තමයි ආදරේ කියලා කියන්නේ...

මෙච්චර කාලයක් මම විදලා නැති ඒත් අනික් මිනිස්සු විදිනවා දැක්ක මහ අමුතු හැඟීම.

ඒත් අසේල්.... අනේ මන්දා අසේල්ගෙ හිතේ තියන දේ මට නොතේරෙනවා නෙවෙයි.

ඒ වුනාට අසේල්ට...
අසේල්ට මගේ හිතේ තියන දේ තේරිලා නෑ.

තාමත් එයාට අපි දෙන්නා කියන්නෙ අහම්බෙන් මුන ගැහුන හොදම යාලුවො දෙන්නෙක් විතරයි.
ඒත්...
අසේල් මා එක්ක යාලුවෙක් වගේ හැසිරෙන්නෙ නෑ.

නෑ කියන්නෙ...
අසේල් මට යාලුවෙක්ට වඩා ගොඩක් ලගයි.
අසේල් මා එක්ක ගොඩාක් කතා කරනවා.
මා එක්ක ගොඩාක් හිනා වෙනවා.
මං ගාව පොඩි ළමයෙක් වගේ හුරතල් වෙනවා.

අපි දෙන්නා...
අපි දෙන්නා ගොඩක් දේවල් මේ ටික කාලෙට කලා.

ඒක හරි අමුතුයි.
ආදරේ කරන මිනිස්සු කරන දේවල් අපිත් කලා.
ඒත් ඒ හොදම යාලුවො දෙන්නෙක් විදියට.

එකට සින්දු ඇහුවා.
අසේල් අලුතින්ම එන කැසට් පීස් උස්සන් ආවම අපි දෙන්නා ඉතින් කෝපි සාප්පුවෙ මාමගෙ රේඩියෝ එකෙන් ඒවා ඇහුවා.

එක එක තැන් වල ඇවිදින්න ගියා.
අසේල් නිලාවේලි වල නොදන්න තැනක් නෑ. හැම අස්සක මුල්ලකම අසේල් මාව එක්ක ගෙන ගියා.

එකට කෑම කෑවා...
තව එක එක දේවල් ගොඩක් අපි දෙන්නා කලා...

ඒ වුනාට අපි කොල්ලො දෙන්නෙක් කියන දේ අපි අමතක කලේ නෑ. ඒක මට දැනෙනවා... අපි දෙන්නම ඒ දේ ගැන ගොඩක් හිතනවා කියන දේ... මට ඕනෑවටත් වඩා දැනෙනවා...

තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now