කලින් දවසේ උන අපි දෙන්නගෙ රණ්ඩුව...
ඇත්තටම ඒක පොඩි රණ්ඩුවක් වුනාට අන්තිමට මට වගේම අසේල්ටත් ලොකු ප්‍රශ්නයක් අපේ හිත්වල ඉතුරු කලා...ඉතින් ඊයෙ දවසේ අසේල් කියපු විදියට අපිට මාළු බලන්න යන්න බැරි වුනා...
අසේල් ගොඩක් ආසාවෙන් හිටියෙ කියලා මං දන්නවා...
ඒත්.. ඒත් ඉතින් අසේල්ට ඕන වුනේ නෑ ඒ හිටිය මනෝභාවයත් එක්ක මාවත් එක්කන් ගිහින් මාළු බලන්න...එයාව ගනන් නොගෙන ඉන්න එපාලු....
ඒත් හේතුවක් දන්නෙ නෑලු...
ඒත් මට ඇයි හිතෙන්නෙ මම ඒ හේතුව හොදටම දන්නවා කියලා...
අපි දෙන්නා ඒ හේතුව ගැන කවද හරි විවෘතව කතා කරයිද අසේල්...???ආහ්... මම දන්නෙ නෑ....
මම හිටියේ කෝපි සාප්පුවේ...
අදත් කලින් දවස් වල වගේම පුරුදු විදියට මගේ අසුනෙ වාඩිවෙලා... ජනේලෙන් එන මුහුදු හුළග සනීපයි...
කවුද හිතුවේ මං මෙච්චරටම මුහුදට පෙම් බදින්න පටන් ගනී කියලා...අසේල් අද පරක්කුයි...
ඔව් අද අපි ඊයෙ යන්න බැරි වුන ගමන යනවා...
ඒත්... අසේල් තාම නෑ...අසේල්ට උදේ වරුවේ වැඩක් තියනවා කියපු නිසා අපි ඒ ගමන හවස යන්න තීරණේ කලා...
මම හිතන්නෙ අසේල් මාළුන්ට ගොඩක් ආසයි වගේ...
ඒකනේ මම මෝරෙක් වෙනකොට එයා ඩොල්ෆින් කෙනෙක් වෙනවා කියලා කිව්වේ....මම හිතන්නෙ මං අසේල්ගෙන් එයා කැමති දේවල් එකින් එක අහන්න ඕනේ....
ඒයා ආස කරන්නෙම හරිම පොඩි පොඩි දේවල් වලට කියලමයි මගෙ හිත නම් කියන්නේ...
ඒත් අසේල්... අසේල් මට එයා ආස දේවල් ගැන කියයිද...ඇත්තටම යාලුවෝ උනාම එහෙම දේවල් කතා කරනවද ???....
ඇයි...
ඇයි මම අසේල් ගැන හිතන හැම වෙලාවෙම ඒ හැමදේම ප්‍රශ්නෙකින් ඉවර වෙන්නේ..." හ්ම්ම්ම්..."
මට සුසුමක් පිට වුනේ ඉබේටමයි...
මම මේ දැන් අද දවසෙ හතර වෙනි කෝපි කෝප්පේ බොනවා...
වෙලාව දැන් දෙකත් පහු වෙලා...
මම මගේ අත් ඔරලෝසුව දිහා බැලුවේ තාමත් මේ කොල්ලා නැති නිසා...ඒත් අසේල් ළඟ නැති වුනත් දැන් මගේ හිතේ අදහස් ගොඩක් තියනවා...
මගෙ උණුම උණු කෝපි කෝප්පේ මගෙ හිස් වෙලා ගිය ඔලු ගෙඩිය අදහස් වලින් පිරෙව්වනේ...
ඒත් ඉතින් මගෙ උණුම උණු කෝපි කෝප්පේ ළගින්ම ඉද්දි මගෙ ඔලු ගෙඩියට එන අදහස් වලට සීමාවක් නම් නෑ...
YOU ARE READING
තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fiction𝚢𝚎𝚊𝚛𝚜 𝚕𝚊𝚝𝚎𝚛, 𝚕𝚘𝚜𝚝 𝚕𝚘𝚟𝚎𝚛𝚜 𝚛𝚎𝚌𝚘𝚗𝚗𝚎𝚌𝚝, 𝚋𝚞𝚝 𝚌𝚊𝚗 𝚝𝚑𝚎𝚢 𝚛𝚎𝚟𝚒𝚜𝚒𝚝 𝚝𝚑𝚎𝚒𝚛 𝚞𝚗𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚊𝚛𝚝𝚜 𝚊𝚗𝚍 𝚜𝚝𝚘𝚛𝚒𝚎𝚜... シ︎♡︎ Sinhala Non Fictional BL Published date - 12/09/2024 🖋️ - KimKoya99 🚫 Do...