පසුවදන

402 58 46
                                    

මම මගේ ආදරේ එක්ක ආයෙම අපේ අයියලගෙ ගෙදරට ආවා... මම හිටියේ කලබලෙන්.. මට... මට කොහොමද අසේල්ගෙ ඉඟි මග ඇරුනේ...

" වින්... කෝ එන්න වාඩි වෙන්න.."

මගෙ ආදරේ ඇද උඩ වාඩිවෙන ගමන් එයාගෙ එහා පැත්තට තට්ටුවක් දැම්මේ මට ඇවිත් වාඩි වෙන්න කියලා ඉගි කරන ගමන්.

" මොනවද... මොනවද අසේල් මට දීපු ඉඟි ගයා..."

" මේ... මේක බලන්න... මේ මොකක්ද කියලා මතකද.."

මගෙ ආදරේ මට ටැබ් එක අතට දෙන ගමන් ෆොටෝ එකක් පෙන්නුවා.. ඒ... ඒ තිබ්බෙ අවුරුදු තිහකට කලින් මම නිලාවේලි වලින් එනකොට අසේල් මට දීපු අපි ඉර උදාව බලපු දවසේ අසේල් ඇදපු චිත්‍රේ...

" මේ බලන්න... ඔයාට මග ඇරුනු අසේල්ගෙ සයින් එක..."

ගයා මුහුදු රැලි අතර මම මෙච්චර කාලයක් නොදැක්ක A අකුරක් මට පෙන්නුවා... ඒත් කෝ... කෝ අසේල් මට ආදරෙයි කියන ඉඟිය...

" කෝ... කෝ මට මඟ ඇරුන ඉඟිය..."

" මේ ඉන්නෙ ඔය දෙන්නා නේද වින්..."

මම ඉතින් ඔලුව වැනුවා..

" බලන්න ඔය දෙන්නගෙ හෙවනැලි දෙක අසේල් ඇදලා තියන විදිය... ඔයාලාගෙ රූප ගොඩක් ළඟින් නැති වුනත් ඔයාලා දෙන්නගෙ හෙවනැලි දෙක... ඒවා එකට එකක් ස්පර්ශ වෙලා තියෙන්නේ වින්..."

" ඒ කියන්නේ..."

" ම්ම් ඔව්... ඒ ඔයාට අසේල් ආදරේ කියපු විදිය... ඒක තේරුම් ගත්තෙ නැති වුනාට කමක් නෑ වින්... ඒත් ඔයා ලේසිම හින්ට් එකත් මග ඇරගෙන..."

ලේසිම හින්ට් එක... ඒ මොකක්ද... මම පුදුමෙන් ගයා දිහා බැලුවම ගයා දැනෙන නොදැනෙන ගානට මට ටොකක් ඇන්නා...

" ඉර උදාව... ඉර උදාව කියන්නෙ අලුත් දවසක ආරම්භයක්... අලුත් පරිච්ඡේදයක්... ආදරය සාක්ෂාත් කර ගන්නවා කියන එක තමා ඒකෙ මීනින් එක වින්.."

මගෙ ඇස් බොද වුනා... එතකොට... එතකොට මගෙ කොල්ලව මටත් නොදැනුවත්වම මට මග ඇරිලා... අඩුම තරමේ මම මගේ කොල්ලගෙ ජීවිතේ කිසිම දෙයක් දැනගෙන හිටියෙත් නෑ...

" එච්චරද... එච්චරද ගයා..."

" නෑ... තව එකක් තියනවා..."

තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now