ප්‍රත්‍යක්ෂ වූ නියමය

17 2 1
                                    

රළු පරළු ස්පර්ශයන්ගෙන්
අනත වෙහෙස ලැබ සිටියෙමි
සිහින් , සියුම් නුඹ දැක
සැනින් උද්දාමයට පත්ව
එකෙණෙහිම වැළඳ ගතිමි

පසුවයි වැටහුණේ
මගේ කලබලය වැඩි බව
එවිටයි සිහිපත් වූයේ
පැස්කල් කී අයුරින් ම
"ස්පර්ශ පෘෂ්ඨයේ
පෘෂ්ඨ වර්ගඵලය අඩු වන තරමට
පීඩනය වැඩි වන බව"
නමුත් එය වැටහෙන විට
මම ප්‍රමාදයි හොඳටම

පෙර කී වැළඳගැනුමෙන් අනතුරුව
බලෙන්ම වාගේ මගේ ළමැදට
තව තවත් තුරුළු වූ නුඹ
ඒ වන විටත් නික්ම ගොස් අහවර

නුඹේ සිහින් පෘෂ්ඨය කිඳා බැස
ඇති වූ තියුණු වූ ගැඹුරු වූ
සුවපත් නොවන කැපුමක්
හදෙහි හරි මැදෙහි ම ඉතිරි කර

shwe_min

සියුම් පෘෂ්ඨ එක්ක ඕනිවට වඩා ගැටෙද්දි පරිස්සම් වෙන්න යාළුවනේ...

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now