ඔන්න අද නම් නිසඳැසක් විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් හදපු සිංදුවකුත් ඔයාලට අරගෙනයි ආවෙ මං. බලලා හොඳයි නම් ශෙයා කරලත් දෙන්න :)
වෙර දැරූ මුත් දහස් වර
ගොතා නිම කළ නොහැකි වුණ
අසම්පූර්ණ හයිකු කවකි නුඹහොන්ෂු දූවේ වෙරළකට
පැමිණ හනිකට, එසැණ ම
නික්ම ගිය සිඳු රළකි නුඹඇසි පිය ගසන සැණින්
මා පසුකර නික්ම ගිය
තෝකියෝවට ආ මාරුතයකි නුඹසයෝනරා නොකියා ම මට
අකාලයේ නික්ම ගිය
සොඳුරු සකුරා කුසුමකි නුඹඉතින් නුඹ නොපවසන
සයෝනරාව මා හට ම
පවසාගන්නම් මේ මමමැලවුණු හදක වත
සකේ බඳුනක් තුළ
බිඳෙන් බිඳ දිය කරමි මමshwe_min
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
شِعرA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024