රෑ අහසේ සඳු වටකර
තරු නිති ඉඟි බිඟි පෑවට
සඳු මඟ බලමින් උන්නෙම
හිරු පායා එන මොහොතටහිරු අඹරට නගින විටදි
සඳු නිසැකව නික්මිය යුතු
බව දැන උන්නත් සඳු තව
පෙම් බැන්දා ඒ හිරු හටඒ හිරු නිල් අහසට නැඟ
ලොවට එළිය බෙදූ නමුදු
සඳේ පාළු මැකූ තරු පෙළ
නෑ තනි රැක්කේ හිරු හටලොවට එළිය දෙන ඒ හිරු
සඳු වෙතටත් එළිය දිදී
සිනාසුණත් හෙමින් හෙමින්
පෙම් කඳුළු සැඟවිණි සිත යටනොනිම් පෙම් බැන්දත් හිරු සඳු
නියමයක් විය සොබාදහමෙහි
හිරු නැගෙන විට සඳු බසින්නට
සඳු නැගෙන විට හිරු බසින්නටඑකම අහසෙ පායන මුත්
එක්වනු බැරි හිරු සඳු දෙස
බලමින් වැහි කඳුළු බිංදු
වැටුණා අඹරෙන් දෙරණට- shwe_min -
ජීවිතේ එක කාලෙක මම ලබපු අත්දැකීමක් පදනම් කරගෙන ලියවුණ කවියක්.. මේ කවියේ කියවෙන අහස මම කියලා කීවොතින් කතාවේ ඉතිරි ටික විස්තර කරන්න ඔයාලට පුළුවන්ද? මගෙන් පුංචි අභියෝගයක්.....
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
شِعرA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024