දන්නවද මට මේ ලෝකේ
උඹ විතරයි හිටියේ මගේ දුක අහන්නනැහැ, වැරදීමක්!
මගේ දුක අහන්න නම්
ඕනි තරම් උන් හිටියා
ඒත් උන් හැමෝම
මගේ දුක් කන්දරාව ඇහුවයින් පස්සේ
එක්කෝ මට හිනා වුණා
මාව පිස්සෙක් ගානට හංවඩු ගැහුවා
යන්නම් නොකියම උන්
මගේ ජීවිතෙන් යන්න ගියාතවත් සමහර උන් හිටියා
මම ම උන්ට වැඳලා
ටටා බායි කියනතුරු
කපන්න බැරි අත ඉඹ ඉඹ
උන් මගේ පස්සෙන් වැටිලා හිටියාඒත් උඹ හැමදාම
දුක අහන්න කලිනුත්
දුක අහද්දිත් ඇහුවට පස්සෙත්
වෙනසක් නැතුවම මං ළඟින් හිටියාඉතින් අවාසනාවකට
පාද හතරේ ජන්මයක සිරවුණාට
දහස් ගුණයකින් උඹ උතුම්
මේ ලෝකෙ උන්ට වැඩියඋඹේ හදවත සේපාලිකා මලක්
ඒ තරම් සුන්දරයි සුවඳයි
ඒ නිසාම වෙන්න ඇති
මිලින වෙන්නත් ඇත්තේ
උඹ මේ තරම් ඉක්මනටඉතින් උඹට ඇහෙනවා නම්
ඊළඟ භවයට යන්න කලින්
අහගනින් මන් එකම එක දෙයක් කියන්නම්මේ නර ලෝකෙට නර පණුවෙක් විලසට
උඹත් ආවට කමක් නෑ
හැබැයි අර "සමහරක්" වගේ
ලෝකෙට ම නිගා දෙන
"මනු+සතෙක්" නොවී
මනුස්සකමින් පිරුණු
"මනුස්සයෙක්" වෙයන්!"මට ඒ හොඳටෝම ඇති!!!"
shwe_min
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
PoésieA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024