මල් පිරුණු ගසක් ඇත
මහා වනයක
ඈත කෙළවරක
වැඩී ඇත තවත් පුංචි මල් පැළ
ඒ අවටචණ්ඩ මාරුතය හමා එයි
මල් පැළ උදුරා දමන්නට
නමුදු නැත ඒ වෙත ඉඩක්
මහා වෘක්ෂයේ අතුවලින්පෝච්චිවල මංමුළා වූ මල් පැළ
ඇත නුදුරු නගරයක තැන තැන
එහෙත් එක් මහා රුකක්වත්
නොමැත ඒ අවට පෙනෙන්නටසැඩ සුළං එයි රකුසු විලසට
ඒ මල් පැළ තිබෙන දෙසට ද
මල් පැළ ඉදිරී
මල් පෙති හැලී විසිරෙයි හැම තැනනගරෙටත් වනයටත් අතරමැද
තවත් තැන්නක තාප්පයක් ළඟ
මහ රුකක් තබා මිතුරු පැළයක්වත් නොමැතිව
පුංචි පැළයක් මහා සටනකකවුරු නොදුටුවත් තම ධෛර්යය
අතු අගින් අහස සිඹින්නට ලැබෙන තුරු ම
කප්රුකක් වන්නට සටන් කරාවි එම පැළය
නොනැවතී... හුදකලාව ම...shwe_min
මගේ මේ කවිය පුදමි සියලුම හුදකලා සටන්කරුවන්ට උපහාරයක් ලෙස.....♥✨
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
PoetryA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024