~~~ වර්තමානය...~~
2024 / 09 / 05
"එයා හොඳින් නේද..."
"එයාට මොකුත් ප්‍රශ්නයක් නෑ...මං හිතන්නෙ ඒ වෙලාවේ කම්පනේ නිසා ෆේන්ට් වෙන්න ඇති...පවුලේ කෙනෙක්ගෙන් විස්තර අහන්නෙ නැතිව අපිට මොකුත් කරන්න බෑ...මොකුත් අවුලක් නැත්තං ඇඩ්මිට් කරගන්නෙ නැතිව යවන්න පුළුවන්..තව ටිකකින් සිහිය එයි එයාට...ගෙදරට දැනුම් දුන්නනේ..පවුලේ කවුරුහරි එනකං පොඩ්ඩක් ඉඳලා යන්න...ආහ් එතකන් ගිහිං ඔය අතට බෙහෙත් දාන් එන්න.."
"ආහ් හරි ඩොක්ටර්.."
ජිවේන් උන්නේ හොස්පිට්ල් එකේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ කෙලවරේම ඇඳක් ළඟ වාඩිවෙලා...ජිවේන් මොනා කරන්නද හිතා ගන්න බැරිව බලන් ඉද්දී රෝහල් කාර්යමන්ඩලේ පුරුදු අත්දැකීම් එක්ක ලෙඩාගෙ ෆෝන් එක හොයන් ගෙදරට දැනුම් දීලත් ඉවරයි....
ලෙඩාව බලන්න ආපු ඩොක්ටර්යි නර්සුයි කොළපාට තිරෙත් ඇදගෙන යන්න යද්දී ජිවේන් ඒ තිර අතරෙ කි tag කොල්ලා එක්ක තනි උණා...
තිරෙන් එළියේ ලොකු කලබලයක් නෑ...එහෙන් මෙහෙන් පොඩි පොඩි කතා සද්ද , වෛද්‍ය උපකරණ වලින් එන පොඩි පොඩි සද්ද ,කතුරු එහෙම එහා මෙහා වෙන සද්ද යාන්තං ඇහෙනවා....හිතේ කලබලේට ඩොක්ටර් ශෞලිටවත් කතා කරන්න බැරි උනානේ කියලා ජිවේන්ට මතක් උණේ පහුවෙලා....
පිරිමි ළමයා පාර මැද්දෙ සිහි නැති උණේ හොස්පිට්ල් එක පේන මානේ නිසා හොඳට ගියා...ළඟ පාත උන්න කීප දෙනෙකුගේ උදව්වෙන් ජිවේන් කී tag කොල්ලාව හොස්පිට්ල් අරන් ආවා...
එකපාර මොකක් උනාද...අනතුරක් නැතිව ඒ අත් උඩ ඉදන් ඇසුත් ඇරලා බැලුවානේ...ඒත් එකපාර ඔළුව බදන් කෑ ගහලා එහෙමම සිහි නැති උණා...ජිවේන්ට විතරක් නෙමෙ බලන් උන්න අයටත් තිබුණ ලොකුම ප්‍රශ්නෙ...අනික් අය නම් හේතු හොයන්න වෙහෙසිලා අන්තිමේ වැඩේ අත ඇරියට ජිවේන්ට එහෙම බැරි උණා...
අහේතුවකට වගේ ජිවේන්ට අවුරුදු 19කට කලින් බේරා ගත්ත ආගන්තුකයාව මතක් උණා...කී tag කොල්ලාව අත් උඩ තියන් ඉද්දී...ඒ අත ඇවිත් ජිවේන්ගෙ තොළට යටින් තිබුණ ළපේ ළඟ නතර වෙද්දී...ජිවේන්ට මොහොතකට දැනුණේ ඒ අතීතේ ආපහු සිද්ද උණා වගේ හැඟීමක්...ඒ මොහොතේ දැනුණ හුරු පුරුදු හැඟීම් වලින්ම අද ඒ මොහොතෙත් හදවත පිරිලා යද්දී ජිවේන්ගෙ හිතට දැනුණේ දරන්න බැරි පීඩනයක්....
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfiction✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...