01 පලවෙනි කොටස

136 8 6
                                    

" ඒ අනුව මෙවරත් අවුරුදු 18න් පහල මධ්‍යම පලාත් කරාතේ ශූරතාවය හිමිවන්නෙ පෘථිවි හසරැල් මුදුන්කොටුව"

රන් පදක්කමක් සහ සුදු පැහැති සහතිකයක් අතැතිව නුවර නගරශාලාවෙන් පිටතට පැමිනි පෘතුවි දිවගියේ තමාගෙ පුහුනුකරු වූ අඩි 6ක් පමන උසැති හැඩිදැඩ් සිරුරක් හිමි සුදුවට හුරු තලෙලු හුරුවක් ඇති තිලින මුදුන්කොටුව සොයාය.

"මගෙ කොල්ලා එහෙනම් මේ පාරත් රන් පදක්කම ගත්තා" කියාගෙන තිලින තම පුත් වූ පෘථිවි ව වැලදගත්තා.

"තාත්තා මන් ඒක කලා" පෘථිවි මහත් ආඩම්බරයෙන් තවත් තදින් තම පියාව වැලදගත්තා.

ඉතින් අරුමයක් නෙවෙයි.එක පිට පස් වතාවක් මධයම පලාත් ප්‍රථම ස්තානය දිනාගැනීමට ඔහු සමත්වීය.ඒත් මෙවර ඔහුගේ පුහුනු සැසිය තුල වූ යම් දඩබ්බර ක්‍රියාවක අතුරුප්‍රතිපලයක් වූ කකුල් පෙරලීම හේතුවෙන් ඔහුට මෙම තරගය මහත් අභියෝගයක් විය.

නමින් පෘථිවි හසරැල් මුදුන්කොටුවගේ පියා වූයේද තමාගේ කරාතේ පුහුනු කරු වූ තිලින මුදුන්කොටුවමය.. කරාතේ ක්‍රීඩාව තම ජීවිතව මෙන් කරගත් ඔහුගේ මෙම දක්ශතාවයන් හා ජ්‍යග්‍රහණ පාසලෙ ප්‍රධාන දැන්වීම් පුවරුවේ හා පාසල ඉදිපිට නිරන්තරයෙන් දිස්වීම නිසා මුලු මහත් පාසලම නොව කරාතේ ක්‍රීඩාකරුවන්ගේද මතකයෙ නොනවතින තැනක් තැනක් ගැනීමට පෘථිවි ට හැකිවිය..

පුහුනුවීම් නිසාම හැඩගැන්වුනු ඔහුටම ආවේනික ක්‍රීඩාලෝලී ශරීරය අන් සැමට වඩා කැපීපෙනුනේ කෙනෙක් දෙවරක් හැරීබලන ආකාරයටමය. ඒ විතරක්ද පියා මෙන් දිලිසෙන තලෙලු සමකට උරුමකම් කී ඔහුගේ රලු කොන්ඩයත් ගන කලු ඇසුත් රලු ඇහිමත් ඔහුගේ පෙනුමට ගැලපෙන උස් ස්වාභාවයක් මොකටද ලැබුනිද මන්දා.. ඒ සියල්ල පරයා රෝස තොල් අතරින් මතු උනු උඩු ඇන්දේ නලදත නිසා ඔහුට ලැබුනේ වෙනම අහංකාර ලස්සනක්.ලොබ බදින හිනාවක්..

"දැන් ඉතින් national එකට ලෑස්ති වෙන්න තමයි තියෙන්නෙ.o/L ඉවර වෙලත් දැන් මාසයක්ම ගියානේ.හොදටම කාලය තියනවා."

පෘථිවිගේ එකම අයියා වූ තරුන් මුදුන්කොටුව ජයග්‍රාහීව එය පැවසුවත් එය පරාජය කිරීමට ඔවුන්ගේ මව හරස් වීය.

සියුම් පහර Where stories live. Discover now