"මෙන්න බලපන් මචෝ insta එකේ උබ දාපු එදා tournament එකේ picture එකට like 2k තියනවා. උබ player කෙනෙක්ද නැත්තම් නලුවෙක්ද "
Colombo යන දවසේ කුකුලත් කරේ තියන් පෘථිවිගෙ නිවසට පැමිනි චලන bags එක recheck කරන පෘථිවි දිහා බලාගෙන මහ හයියෙන් කෑගහන්න උනා.
"මටත් හිතාගන්න බෑ.මොකට මෙච්චර likes,comments වැටෙනවද කියලා."
අත්දෙකත් ඉනට ගහගන්න ගමන් පෘථිවි කන්නාඩිය ලගට ගියා.
"හරි හරි අපේ school එකේ handsome ම කොල්ලනෙ.අනික කරාතේ champion ට කාගෙන්ද අකමැත්තක්"
"ඇති දැන් උබේ බොරු වර්නනා.යමන් තාත්තා කාර් එක start කරගෙනත් ඇති"
තුන්වන මහලේ ඉදන් දෙන්නම දැන් පිටේ කරේ බඩු එල්ලන් බිමට බහින ගමන්.චලන,
"දවසට උබේ කාමරේටම දෙපාරක් තුන්පාරක් නැග්ගම ඇති ඇග බහින්න.ඒක තමයි මුගේ බොඩි එකේ සැගවුනු රහස"
"උබට පිස්සු.යකෝ practice ගිහින් මහන්සියට room එකට යන්නෙත් බඩගාගෙන"
" ඒ උනාට මාර mental relax එකක් එනවා උබේ room එකෙන්.උඩම තට්ටුවේ තනියම නිදහස් බන්"
"Rent එකට දෙන්න ඉන්නෙ උඩ තට්ටුව උබ ගන්නවද" ඇහැක් ගහන ගමන් පෘථිවි චලන දිහා බැලුවා.
" අම්මොහ් මගෙ කොන්ද යකෝ..මේක නැගින එක කෙසේවෙතත් බැහැලා මහන්සී"
"තාත්තා ලිෆ්ට් එකක් දාන්නවලු මන් මැරිකරනකොට.පව්නෙ මගේ life partner "
"අනේ උබේ life partner මගෙන් අහගන්න එපා..ඇත්තට..උබ තාම එයාව හොය...න..වා..ද......"
අන්තිම පඩිය බහින ගමන් පෘථිවිගෙ අම්මා දුටු චලන කතාව නැවැත්තුවා.ඉන්පසු දෙන්නම අම්මට වැදලා බඩු ටිකත් prado එකට දාලා වාහනයට නැග්ගා.
"දෙන්නම සීට් බෙල්ට් දාගන්න"
පෘථිවිගෙ තාත්තා පිටිපස්ස බලන ගමන් දෙන්නටම කිව්වා."පුතාලා දෙන්නා පරිස්සමෙන් කරන දෙයක්.චලන මතකනේ මට විස්වාස මෙයාගෙ යාලුවන්ගෙන් ඔයාව විතරයි.ඒකයි මන් බය නැතුව උපුල්ගෙන් ඔයාව request කලේ.මගේ වචනයක් අහක දාන්නෙ නැතුව පෘථිවිට ඔයාගෙ උපරිම සපෝට් එක දෙන්න"
"Uncle බය වෙන්න එපා. මට ඔය sports talent නැති උනාට මූ කරන වැඩ එක්ක ඕන ජරමරයක් යතා තත්වයට පත් කිරීමේ හැකියාව තියනවා.නැත්තම් මන් වගේ එකෙක් මූ එක්ක මෙච්චර කල් ඉදීද.මට මතක විදිහට මන් විතරයි තාම මුගෙන් කාලා නැත්තෙ."
YOU ARE READING
සියුම් පහර
Fantasyසියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ Start Date - 09•25•2k24 End Date - ongoing