04 වෙනි කොටස

40 5 2
                                    

ටිං_______

කෙටි පනිවිඩයක්....

"Thanks pruthu"

"තෑන්ක්ස්.... මන් මොනවද කලේ ස්තූතිය දෙන්න තරම්"

පෘථිවි හිමින් මුමුනන ගමන් දුරකතනය ක්‍රියා විරහිත කලා.ඉතින් හොද නින්දකින් පසුව උදෑසන ආහාරය අනුබව කල ඔවුන් සුපුරුදු පරිදි රංජිත සමග සුගතදාසයට ගියා.ඉතින් අදත් සුපුරුදු පරිදි warm-up වලින් පස්සෙ පෘථිවි පුහුනු වීම් කලේ කාතා ඉරියව් යි. ලැබුනු විවේකයෙන් පෘථිවි අසලට පැමිනි master පොඩි සාකච්ඡවක් ආරම්බ කලා.

" සුපර් MP,උන්සු,ජියෝන් කාතා තුන පෘථිවි හොදට practice කරන්න. National එකට රෙඩී වෙන්න ඒ තුනෙන්"

" ඒ ටික තමයි master මන් practice වෙන්නෙ.මට බය කුමිතෙ ගැන"

"පුතාගෙ කකුලේ pain එකටදැන් බෙහෙත් ගන්න නිසා තව මාස දෙකකුත් තියනවනෙ බය නැතුව රෙඩී වෙන්න"

" හරි master"

කාතා යන තනි ශෛලයයි කුමිතේ යන සටන් කලාවයි එක් වුනු කරාතේ ක්‍රීඩාව තම ජීවිතය කර ගත් පෘථිවි එක පිට පලාත් සහ ජාතික ශූරතාවය පස් වතාවක් දිනා ගැනීමට සමත් වුනා.කුඩාකල සිට තම පියාගෙන් ලැබුනු ආභාශයත් ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය.සමහර අවස්ථා වල තරග සහ පුහුනු වීම් නිසා ඉගෙනුම් ක්‍රියාවලියට යම් බාධා ඇති උනත් තම සහෝදරයා වූ තරුන් මුදුන්කොටුව කියූ ආකාරයටම ඔහු හීන් නුලෙන් ගේම ගසා පන්තියේ 10 වෙනියා අතර රැදීමට සමත් විය.

නොදැනීම මාස දෙක අවසන් කරමින් national tournament එකට ඉතිරි වූයේ තව එක් දිනක් පමනි. හදුනා නොගත් අංකයෙන් දිනපතාම පෘථිවිගේ ඇදිවතේ පැහැය ගැන text එකක් පැමිනීම ඔවුන් පුදුම කරවන්නක් උනත් tournament එක නිසා ඔහු එතරම් තැකීමක් ඒ ගැන නොදැක්වුවා විය හැකිය. ඒඅතර තමන්ට වඩා එක් අවුරුද්දක් බාල වූ මෙතුලිත් චලගේ ඉගැන්වීම මත හොදින් ගිටාර් වාදනය ඉගෙන ගෙන තිබිනි.එනිසා ඔවුන්ගේ ආලය දලු ලෑම වූයේ වැඩි කලත් නොගොස්‍ ය. හෙට තිබෙන national meet එකට පෙර අවසන් පුහුනුවීම් වල යෙදුනු පෘථිවි තම උපරිමය ඒ වෙනුවෙන් කැප කලා. ඒ වන විට ඔහුගේ pain එක නොසිතූ අන්දමින් ඔහුගෙන් තුරන් වී තිබිනි.

සියුම් පහර Where stories live. Discover now