ඉතින් දියනා නැන්දගේ breakfast එක රසවින්ද ඔවුන් රංජිත නම් වූ පෘථිවිගේ මාමා සමග කඩිමුඩියේ සුගතදාසයට යන්න පිටත් උනා.
" පෘථිවි අලුත් යාලුවව මට අදුන්වලා දෙන්නෙ නැද්ද "
"මාමෙ චලන කියන්නෙ මගෙ හොදම යාලුවා.ඒ කාලෙ ඉදන් මන් එක්ක ඕනෙ දේකට ඔට්ටුයි."
"චලන පුතාත් අපේ පෘථිවි වගේ කරාතේ player කෙනෙක්ද"
"අනේ නෑ uncle මන් ඉතින් player කෙනෙක් නෙවෙයි.ඒත් මෙයාගෙ හොද fan කෙනෙක්. පොඩි කාලෙ ඉදන් ඒවා බලලම subject එක හොදට පුරුදුයි.ඒත් ගහමරාගන්න එව්වා අපි වගේ අහිංසක හිත් වලට බර වැඩී"
"එහෙම නෙවෙයි පුතා එව්වා lifetime safety එකට හොදයි.මමත් ලමයිට coach කරද්දි එව්වා හොදට කියලා දෙනවා"
"Shaaa wooow!! Uncle කරාතේ coach කෙනෙක්ද"
"නෑ පුතා මන් swimming coach කෙනෙක්.ඒක sport එකක් විතරක් නෙවෙයි. life time safety support එකක්.මටත් මේ මාස තුනම swimming camping එකක් නිසා ලංකාවෙ දක්ශම boys swimming players ලට පොඩි guide එකක් දෙන්න තියනවා"
" නියමයි අංකල්..මුගෙ මුලු පවුලම sports තමයි නේද අංකල්.කොහෙද ඉතින් මට ක්රීඩාව පිහිටලාවත් නෑනෙ"
"ඇත්තටම පුතාටගෙත් ඇගේ ඇති හොයාගන්න බැරි හොද talent එකක්"
කොහෙදෝ ඉදන් කතාව මැද්ද පැන්න පෘථිවි,
"ඇයි මාමා නැත්තෙ මෙයා තමයි අපේ school එකේ හොදම singer , ගිටාර් player. School එකේ විතරක් නෙවෙ මෙයා ගොඩක් තරග වලටත් join වෙනවා""ඇත්තද පුතා. ඒකත් හොදයි Aesthetic talent එකක් තියන එක.කියමු එහෙනම් ලස්සන සිදුවක්"
කියමින් රංජිත කාර් එකේ රේඩියෝ එක off කරනවත් සමගම පෘථිවිට හරි හිනා.මොකද පෘථිවි සිංදු අහන්න ආස උනත් චලනගෙ කටින් සින්දුවක් කියවගන්න හරි අමාරු උනා.
"අඩෝ මන් ඉවරයි.මට බෑ බන්.මාමට කියපන්" චලන පෘථිවිගේ කනට ලන් වෙලා කෙදිරිගෑවා.
"මොකක් සිංදු කියන්න අවස්තාවක් එනකන් හිටියෙ" පෘථිවි එලෙස කියන ගමන් සිනාවෙවී චලනව තවත් ආගාදයට දැම්මා.
"දෙන්නම් අද මන් උබට ජම්බු" ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා සේ රත් වුනු චලන පෘථිවිට කියන ගමන් සින්දුවට ලස්සන ආරම්භයක් එක් කලා.
YOU ARE READING
සියුම් පහර
Fantasyසියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ Start Date - 09•25•2k24 End Date - ongoing