~~~ 2005 මාර්තු මතක....~~~
"හේ..!!"
"ආහ්...!!"
ස්කූල් යුනිෆෝම් එක පිටින්ම , චිල්ඩ්‍රන් පාර්ක් එකේ කෙළවරක තිබුණ හා කූඩුව ළඟ ඇනතියාගෙන හිටපු ජිවේන් කකුල් දෙක මැද්දෙ හිරකරන් උන්න බෑග් එකෙන් ගත්ත මොනවාදෝ දෙයක් කූඩුවේ කොටු දැල අස්සෙන් ඇතුලට දාන්න හැදුවා....
හරියටම කිවුවොත් ජිවේන් කරන ගමන් උන්නේ පුංචි පහේ හොර වැඩක් වෙද්දී , එයා නොදැනම මේ හොර වැඩේ දිහා බලන් උන්න කෙනෙක් හිමින් හිමින් ජිවේන් ළඟට කිට්ටු වෙලා ඒ කන ළඟ කෑ ගහද්දී ජිවේන් ගැස්සිලා ගිය පාර එහෙමම බිම ඉන්ද උණා...
බිම ඉන්ද උණ කොල්ලා තමන්ගෙ ඇස් වලට අහු උණ එයාගේම ස්කූල් එකේ දුඹුරු පාට දිග කලිසමයි ක්‍රීම් පාට ෂර්ට් එකයි...පාට තුනක ඉරි ගියපු ටයි එකයි දිගේ ගිහින් ඒ මූණ ළඟ නවතීද්දී ජිවෙන් කලින්ටත් වඩා ගැස්සුණා....
'ආර්හ් මං යන යන තැන එන්නෙ හොල්මනක්ද මේ මනුස්සයා...'
වෙන කවුරුත් නෙමෙ ඒ උන්නේ අර ටෙන් බී ලෝටස් එකේ උන්න වදකාර කොල්ලා....
වදකාර කොල්ලා ජිවේන් සිමෙත්ට දුන්න නම...නිකංම දුන්නා නෙමෙ....එදා conference room එකේදි මුලින්ම හම්බ උණ දවසෙ ඉඳන් ගෙවුණ සතියට මේ පොඩි එකා ජිවේන්ට එසේ මෙසේ වදයක් නෙමෙ දුන්නේ....
දැන් මේ දණිස් වලින් නමන් දෙබෑ කර ගත්ත කකුල් දෙක මැද්දෙ ස්කූල් බෑග් එකත් තියන්, බිම ඉන්ද වෙලා... ඔලුව උස්සලා සිමෙත් දිහා බලන් ඉද්දීත් ජිවේන්ට මතක් උණේ ඒ වද ටික......
.
.
.
ඉන්ටවල් එකේ බෙල් එක වැදිලා ජිවේන් ඉතිරිවෙන්න මුළු පංතියම හිස් උණා විතරයි...පංතිය එළියෙන් කොරිඩෝ එකෙන් ආපු , කවුරුහරි දුවන් එන අඩි සද්දෙ නිසා, කලින් දවසෙ ඇවිත් මූණේ හැප්පිලා...පණ්ඩිත කතා කියලා...චිත්‍රෙකුත් ඇඳලා දීලා මදිවෙලා... ඉන්ටවල් එකේ පංතියටම ඇවිත් සැප දුක අහපු ලස්සන පිරිමි ළමයාව ආපහු මතක් වෙලා ජිවේන්ගේ මූණේ පුංචි හිනාවක් ඇඳුනා...
ඒ හිනාවෙන්ම ජිවේන් ලන්ච් බොක්ස් එක අතට ගත්තා විතරයි අර අඩි සද්දෙ ඩබල් වෙලා පාළුවට ගිය පංතියට කඩන් වැටිලා...පංතිය මැද්දෙන් ඉස්සරහට ඇවිත් සරස් හඩින් පොළව දිගේ ඇදුන බ්රේක් පාරත් එක්ක අදත් ජිවේන් ළඟ නතර උණා....
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfiction✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...