පලමු හාදුව (part-1)

257 3 4
                                    

මම කවී 🤗, ආදරය කියන දේට නිර්වචන හොය හොයා ඉදපු මට ඒ හිතුවක්කාරයා හම්බුන කතාව තමයි ඉතින් මේ 🥰.....

පරක්කු වෙලා ලමයෝ ඉක්මනට නැගිටින්න, සුපුරුදු පරිදි අම්මා දොරට තට්ටු කරමින් සිහින ලෝකයක අතරමන් ව උන් මාව ඇහැරෙව්වාය. අනේ අම්මේ තව චුට්ටක් 🥱😴  කියමින් මම අයෙත් කොට්ටය බදා ගත්තෙ ඒ ලස්සන හීනෙ අන්තිම ටිකත් බලන්න ආසාවෙනි.
ඉක්මනට ලෑස්ති වෙලා එනව මෝඩියේ මටත් පරක්කු වෙනව, මම ගැස්සිලා ඇහැරුනේ අපේ ගෙදර පන්ඩිතයාගෙ ගොරෝසු කටහඩ නිසයි 😒. කඩිමුඩියේ ලැස්ති වෙලා බෑගය අතට ගත්තේ අලුත් පංතිය කොහොම එකක් වෙයිද , යාලුවො ඉදීද සිතමිනි.

ආ කියන්න අමතක උනා නෙ , මම කවී🤗
මම  AL වලට commerce කරන්නෙ. දැන් නම් අවුරුද්දකුත් ගෙවිල ඉවර වෙන්න ලගයි, අපේ අම්ම මාව කලින්ම revition class එකකට යවන්න හදන්නෙ 12  වසරෙදිම විභාගෙ ලියවන්නද කියලත් හිතෙනව අනේ මට ,
ආ අද මට ටිකක් විශේෂ දවසක් චූටි කාලෙ ඉදලම ලමයි ගොඩක් ඉන්න classes වලට යන්න දෙන්නෙ නැතුව හැම විශයකටම ගෙදරට ගුරුවරුන් ගෙන්නල Tuition දීල ගෙදරටම හිර වෙලා ඉදල අද තමයි මම class එකකට tuition institute එකකට යන පලවෙනි දවස

අයිය තමයි මාව ගිහින්දාන වැඩේ බාරගෙන ඉන්නෙ එයා කැම්පස් යන ගමන් මාව class එක ගාවින් දාගෙන ගිහින් හවසට එක්කගෙන එන්න කියල අප්පච්චි ඉයෙ රෑ එයාට උපදෙස් දෙනව මම අහගෙන හිටියෙ , පේනව නෙ ඉතින් අප්පච්චි එයාගෙ රාජකුමාරිව තනියම යවන්න කැමති නෑ 😁🤭

මම නම් කැමති තනියම යන්න 😏, මේ පන්ඩිතයාගෙ ලොකුකම් බලන්න මම කැමති නෑ .ඒත් මම තනියම කොහෙවත් ගිහින් නැති හින්ද මේ පන්ඩිත ලමය එක්ක යන්නම වෙනව අද නම් ...

අලුත් පොත් දෙක තුනකුයි පැන්සල් පෑන් ටිකයි බෑග් එකට දාගෙන මම දුවගෙන ගිහින් car එකට නැග්ගේ අයියා අයෙත් බනින්න කලින්, අම්මා දුවගෙන ඇවිල්ල මට ලස්සන හැඩ සුරංගනාවියො ඉන්න පෑනකුයි,චොක්ලට් කිහිපයකුයි මගෙ අතේ තියල හොදට ඉගෙන ගන්න කියා මගෙ ඔලුව ආදරෙන් අතගෑවේය. 🥺♥️

පංතියට යන ගමන් මම කල්පනා කරේ හීනෙන් මම දැකපු ඒ ලස්සන කොල්ල ගැන 🫣
හින මතක හිටින්නෙ නැති උනත් ඒ හීනෙ මට හොදට මතකයි, උසම උස කොන්ඩෙ පැත්තට පීරපු ඒ handsome කොල්ලගෙ අතේ එල්ලිලා මම park එකෙ ඇවිද ඇවිද හුරතල් උන හැටි 🥵🫣

මට නම් ඉතින් ඒව හීනම තමයි😔 කොල්ලෙක් එක්ක යාලු වෙන්න තියා කතා කරන්නවත් chance එකක් එන්නෙ කලාතුරකින් නේ ඉතින් මට

ඉක්මනට බනිනව මට පරක්කු වෙනවා , හීන ලොකෙක තනියම හිනා වෙවී ඉදපු මාව අයෙත් අවදි කරෙ අපේ ගෙදර පන්ඩිතයා .. 😒😠
අපොයි කතාවෙන් කතාවෙන් අලුත් පංතිය ගාවටත් ඇවිල්ල නෙ මම අයියටත් උනුසුම් හාදුවකින්😘 thanks අයියා කියල මම car එකෙන් බැහැල හෙමීට reception එක ගාවට ඇදුනෙමි.

කලින් දවසෙ අම්මයි අප්පච්චි එක්ක ඇවිල්ල සර්ව අදුරගත්ත නිසා අද මම තනියම අවත් දැන් නම් තනියම යන්න බයයිත් වගෙ මට නම්........😁

Next part : පිරිමි ලමයින් එක්ක වැඩි ආශ්‍රයක් තිබිල නැති මට ආදි ගේ රලු ස්පර්ශය තදින්ම දැනුනා ....... දෙවියනේ මම හීනෙන් දැකපු ඒ හිතුවක්කාර ලමය ආදි ද 🤔🤫

♥️හිතවත් පාඨකයනි අපිට ඔයාලගෙන්,

💘 අදහස්

💘කතාවෙ අඩුපාඩු

💘කතාවේ හොද නරක

💘කතාව වෙනස් වෙන්න ඔනි තැන්

💘අලුතෙන් add වෙන්න ඔනි කොටස්

💘කතාවෙ ඉස්සරහට එකතුවෙන චරිත වලට ගැලපෙන නම් (කවීගෙ ආදිගෙ යාලුවන්ට)

💘කතාවෙ ඉස්සරහට වෙයි කියල ඔයාලට හිතෙන දේවල්

💘අපෙන් ඊලගට ඔනි මොන වගේ කතාවක්ද?

මේ මොනවා හරි දෙයක් ගැන චූටි අදහසක් comment කරගෙන යන්න අමතක කරන්න එපා , ඔයාලගෙ ඒ චූටි comment එකත් කවීගෙයි හිතුවක්කාර ආදිගෙයි කතාව ඉස්සරහට ගෙනියන්න අපිට ගොඩක් ලොකු ශක්තියක්,දිරිගැන්වීමක් ♥️😘

ටියුෂන් ආදරයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම සියලු වැඩකටයුතු හොදින් කරගෙන යන්න මම සුභ පතනවා

~The_dark_cipher~

ටියුෂන් ආදරය💘 Where stories live. Discover now