Reception එකෙන් පන්තිය ගැන විස්තර notes ටික එහෙම අරගෙන මාව කන්න වගේ බලාගෙන ඉන්න නාදුනන මූනු අතරින් මම class එක තියෙන hall එක හොයාගෙන යන ගමන ඇරඹුවේමි.
එහෙට මෙහෙට තිබුන lecture Halls අතරින් මගෙ පන්තිය හොයාගෙන යනකොට මට දැනුනේ නැවක නැගී වස්කෝද ගාමා ආසියාව සොයා පාලු මුහුදේ එනවිට දැනුනාට සමාන හැගීමක් විය හැකිය.සිනා සෙමින් හය්යෙන් කතා කරමින් කඩිසරව එහෙ මෙහෙ යන ළමයින් අතරින් මා සෙමෙන් ඉදිරියට ඇදුනි.
ඉදිරියේ කලබලෙන් මෙන් පිරිමි ළමයි එකතු වී කෑ කෝ ගසමින් එක රොත්තට ඉන්නවා, එක නිකන් හරියට ටොෆියකට පොර බදන කූබි රන්චුවක් වගෙ අනේ 🫣මේ කූබි රන්චුව හින්ද යන්න බැරුව ලමයින් දෙපැත්තට වෙලා බලාගෙන ඉන්නව, මමත් චූටි බබෙක් නෙ පැත්තකට වෙලා බලාගෙන හිටිය ඉතින්
අපොයි 🤦 ඒ කුබි රන්චුවක් නෙවෙයි Royal rumble එකෙ පොර කන රෙස්ලින් ශූරයො ටිකක් නේ.... මේ අත්දැකීම මට ආගන්තුක එකක් විය,අපෙ ස්කූල් එකෙ ඉතින් boys ල නෑ නෙ..ඉතින් මේ වගේ රෙස්ලින් match එකක් live බලන්න පලවෙනි වතාවට මම 😊🫣
මෙහෙම කිවට ගැහෙන හදවතින් ප්රශ්න ගොන්නක් එක්ක මම පන්තියට යන්න බැරුව එතන හිටියෙ
ඇයි මේ ළමයි මෙහෙම රන්ඩු කරන්නෙ , දෙය්යනේ ඇත්තටමද මේ රන්ඩු කරන්නෙ මට ප්රශ්න පත්තරක් හිතේ එකතු වෙමින් තිබුනි.ජිම් පප්පයි සූර පප්පයි ගෝල් කාරයන්ට ගහනව වගේ කිහිප දෙනෙක් අතර මේ රන්ඩුව යන්නෙ කියල මට ඈතට පෙනෙන්නෙ නම්
ගත වූයේ නිමේශයකි,රන්ඩු උන ලමයි මගෙ පැත්තට වේගයෙන් අවේ හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින් ඇසිපිය ගසන වේගයකිනි.
මහා සුනාමියක් මගෙ ඇගට එනව වගෙ මට දැනුනේ 🥲
ගෙදරින් පිට පංතියකට ආපු පලවෙනි දවසෙම මට මේ ගත උන විනාඩි කිහිපය දැන් නම් මහමෙරක් වග් දැනෙන්නෙමම කලින් කිව සූර පප්ප වගෙ ගෝල් කාරයොන්ට ගුටි දීපු කොල්ල මගෙ ඇගටම ආවෙ ඇසිපිය ගහන වේගයෙනි.මම කෑගහගෙන ඇස් දෙක වහගත්තේ කදුලු පුරවාගත් දෑසිනි🥺.
ඒ කොල්ල මගෙ ඇගේ වැදිල අපි දෙන්නම තල්ලු වෙලා ගිහින් බිම වැටුනි.
ගෝල් කාරයන්ට ගුටි දීල එ කොල්ලගෙ රතු වෙච්ච මූන මම හරියට දැක්කේ බිම වැටුනු පසුය.
අනේ ඒ කොල්ලගෙ මූන රතු වෙලා මූනෙන් දාඩිය බේරෙනව 🥵... මට නිකන් දැනුනෙ තුවාල වෙලා ඉන්න නිර්භීත සිංහයෙක් හිවලුන් රැලක් එක්ක තනියම fight කරනව වගේ
මට නම් මේක film එකක් වගේ අනේ 🫣
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........