අභී ගියාට පස්සේ ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලම මට එහෙමම නින්ද ගිහින්,
හවසත් අම්මලා එකත් වැඩි කතාවක් නැතුව මම කලින්ම නින්දට ගියේ අයියා කොයි වෙලේ හරි ඕනි නැති විහිලුවක් කරයි කියලා බයෙන්...උදේ පාන්දරම එක පාරම ආදිගෙන් කෝල් එකක් නිදිමතේම ෆෝන් එක අතට ගත්ත මම කෝල් එක ආදිගෙන් කියලා දැක්කට පස්සේ ගැස්සිලා වගේ ඇඳෙන් නැගිටලා කෝල් එක answer කළා.
"ආ කවී අද teachers day එක නේ, ඉතින් අපේ ක්ලාස් එකේ ළමයි ඔක්කොම අද නිලූ ටීචර් ගෙ ගෙදර ගිහිල්ලා ටීචර් සප්රයිස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ, අපි කට්ටියම උදේ දහයට විතර තමයි එකතුවෙන්න හිතාගෙන ඉන්නේ ඒක කියන්න තමයි කෝල් එක ගත්තෙ ඔයාට
ලෑස්ති වෙලා ඉන්න කොතනටද අපි එකතු වෙන්නේ කියලා තව ටිකකින් හරියටම කියන්නම්"
ආදී කච කච ගාලා කියවාගෙන ගිය හදිසියෙන් වගේ,
අනේ මේ අහන්නකො ආදී,මම ක්ලාස් එකට ඇවිල්ලත් තාම එක දවසයි නේ😓 අපේ අම්මා මට එන්න permission දෙන්නෙ නැති වේවි.
අනික මම තනියම එහෙම එළියට යනවට අම්මයි අප්පච්චි වැඩිය කැමතිත් නෑ
යන්න ආසවුනත් මම කණගාටුවෙන් වගේ ආදිට කීවේ අපේ අම්මගේ හැටි දන්න හින්දයි.🥲"අපොයි එහෙමද බලමුකෝ එහෙනම් අපි මොකක් හරි කරන්න ආදිය එහෙම කියලා call එක cut කලේ දුකෙන් වගේ"
මටත් යන්න නම් ආසයි ඒත් ඉතිං අම්ම යන්න දෙන එකක් නෑනේ මට,මම දුකෙන් වගේ ආයෙත් ඇඳට පැන්නේ ආයෙත් නිදාගන්න හිතාගෙන.
ආයෙත් ටිකකින් අදිගෙන් මැසේජ් එකක් ආවේ"ගෙදරින් අකැමැති හින්ද මිසක්,ඔයා යන්න අකමැති නෑනේ"
කියලයි.නෑ ආදී මම නම් කැමතියි,ඒත් මම පන්තියට අලුත්නෙ අනික එක දවසයිනේ තාම පන්තියට ආවෙත් මම ඒ හින්දා අම්මා එන්න දෙන එකක් නෑ මට 😓
මම කිව්වේ කණගාටුවෙන් මෙනි.
අනේ මේ පණ්ඩිතයා මම මෙච්චර දුකින් මැසේජ් එකක් දාලත් මෙයාගෙන් හම්බුන reply එක උනේ "👍"
මෙච්චරයි.මම ආයෙත් දුකෙන් වගේ නින්දට වැටුණේ අද යන්න තිබුනානම් මට ආදිත් එක්ක ටික වෙලාවක් ගත කරන්න තිබුණානේ සිතමිනි.
කවී නැගිටින්න ළමයෝ,මෙන්න ඔයාට ක්ලාස් එකෙන් කෝල් එකක්
අම්මා දොරට ගසමින් කෑ ගහන්නට විය.
අපොයි ඒ පාර මොකක්ද දන්නෑ,මම කලබලෙන් වගේ නැගිටලා එලියට ගියේ මේ වෙලාවේ ක්ලාස් එකෙන් මොකටද කෝල් කරන්නේ බලන්න.
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........