අපි දෙන්න ඉතින් ඔහොම පිස්සු කෝලම් කර කර බැලුම් බෝල එල්ලලා සරසන වැඩ ටිකත් ඉවර උනා....
අපි චුට්ටක් පැත්තකින් ඉදගෙන මහන්සි ඇරියා..
"අදී දැන් දෙකටත් කිට්ටුයි කේක් එක අරගෙන එන්න යන්න වෙයි නේද "
ආ ඔව් ඉන්න ටිකකින් මම යන්නම් ආදි කීවා..ආ කියන්න අමතක උනා නෙ
මේ decoration වැඩ කරන්න ගිහින් මගෙ ඇගිල්ල චූට්ටක් තුවාල උනා,මම ඉතින් චූටි තුවාලයක් උනත් ටිකක් රිදෙන්නව වගේ ආදි ගාව රගපෑවා 🫣
ආදි ඉතින් මටත් සැර කර කර ප්ලාස්ටර් එකක් ගහලත් දුන්නා..
මේ ලමයගෙ Wallet එකෙ හැම වෙලේම ප්ලාස්ටර් එහෙම තියෙනවා අනේ
එදත් අත තුවාල උන වෙලාවෙ මෙයාගෙ ලග ප්ලාස්ටර් එකක් තිබුනා මතකයි නේ .......ආ ඇගිල්ල තුවාල උන කතාව කිව හෙතුව මොකක්ද දන්නවද??
නිලූ ටීචර්ගේ නංගි අපිට අච්චාරු වගයක් ගෙනල්ලා දුන්නා,එතන අඹ අච්චාරු,වෙරලු අච්චාරු,ඇඹරැල්ලා අච්චාරු,නෙල්ලි අච්චාරු වගේ අච්චාරු වර්ග ගොඩාක් තිබුණා, ඉතින් ඔය වෙලාවේ ආදී මමයි දෙන්නා බැලුම් බෝල එල්ලලා ඉවර වෙලා චුට්ටක් පැත්තකට වෙලා ඉඳගෙන හිටියේ , ඉතින් නෙලෝ ටීචර්ගේ නංගි අපි දෙන්නා හිටපු තැනටත් ඒ අච්චාරු වර්ග වලින් ටික ටික බෙදපු ප්ලේට් එකක් ගෙනල්ල දුන්නා, මම ඉතින් ආච්චාරු එක දැක්ක ගමන් ඇඟිල්ලේ තුවාලයක් තියෙනවා කියන එකත් අමතක උනා,තුවාලෙ තිබ්බ ඇඟිල්ලෙන්ම ආචාරු කන්න ගිහිල්ල තුවාලෙට මිරිස් ගියාට පස්සේ තමයි ආදිත් ඒක දැක්කේ....
ඊට පස්සේ තමයි මේ නපුරු කොල්ලා, මටත් සැර කරලා තුවාලෙටත් ප්ලාස්ටර් එකක් ගැහුවේ....
මම ඉතින් හරි ආසාවෙන් තමයි ආදි මට සැර කර කරා තුවාලෙට බෙහෙත් දාන ඒවා දිහා බලාගෙන හිටියේ....
ඊට පස්සේ ප්ලාස්ටස් ගහලා උනාට පස්සේ දැන් මම අච්චාරු කෑවට කමක් නැද්ද කියල මම ආදිගෙන් ඇහුවා......
"කෝ ඉන්න දැන් අතේ මිරිස් ගාගන්න එපා, මම කවන්නම්"ඒ වචන ටික ඇහුන වෙලේ මගේ ඇඟට නිකන් කරන්ට් එක වැදුනා වගේ ....මතක් වෙනකොටත් මගේ සමනල්ලුපියාඹනවා 🫣
කට්ටිය ඔක්කොම එක එක වැඩ කරන ගමන් හිටපු හින්දා අනිත් අයට නම් ඒක දකින්න නැතුව ඇති....
කොහොමහරි මගේ ආදී මොනවද කන්න ආස කියලා අහ අහා අච්චාරු වර්ග එකෙන් එක මට චුට්ට චුට්ට කැව්වා 🤭
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........