ඔන්න දැන් තවත් ප්‍රශ්නයක්,මොකක්ද දෙයියනේ මම ඇඳගෙන යන්නෙ දැන්.......
මේක මට නෙවෙයි හැම කෙල්ලෙක්ටම තියෙන ප්‍රශ්නයක් 🫣
ඔය ගැන හිතන ගමන්ම මම නිකමට වගේ ෆෝන් එක අතට ගත්තා.ආදි status එකක් දාලා
අනේ මගේ කොල්ලා 🫣 මගේ සුදු මහත්තයා නම් සුදු පාට ටී ෂර්ට් එකක් තමයි ඇඳගෙන ඉන්නේ, එහෙනම් ඉතින් මාත් සුදු පාට ගවුමක් ම අදිනවා.
මම ලස්සන ටිකක් දිග චූටි චූටි කලු පාට මල් තියෙන සුදු පාට ගවුමක් ඇන්දා.....
ලස්සනට කොණ්ඩෙත් ටිකක් පීරලා චූටි makeup එකකුත් දාගෙන party එකට යන්න ලෑස්ති උනා...
දහයටනෙ එන්න කිව්වේ,මම නවයයි තිහට විතර ගෙදරින් පිටත් වුණා.
කලින්ම එන්න කියපු තැනට ගිහිල්ලා,වටපිට බැලුවත් කවුරුත් හිටියේ නම් නෑ තාම,චුට්ට වෙලාවකින් තඩි බෑග් එකකුත් උස්සගෙන ආදි එතැනට දුවගෙන ආවා.
කෝ දෙන්න එක බෑග් එකක් මම ගන්නම්
මම ආදි ගෙ අතින් එක බෑග් එකක් ඉල්ල ගත්තා,
අපොයි ගත්තට මේක හරිම බරයිනේ,
"පණ්ඩිතකමට ගත්තට ඔක උස්සන් ඉන්න බෑ නේද ඔයාට,මින් මෙහාට දෙන්න ළමයෝ "
ආදි ආයෙත් බලෙන්ම වගේ මගේ අතින් බෑග් එක ගත්තා,එයාට නම් මේක ගානක්වත් නෑ.කමක් නෑ ඉතින් මේ මගේ කොල්ලනේ😁🫣ටික වෙලාවක් යනකොට යාළුවො එක්කෙනා දෙන්නා එකතු වුණා,
ආ ආදිගෙන් අහන්න අමතක වුනානේ.මොකක්ද අර උදේ කෝල් එකක් අරගෙන කරපු පිස්සු කෝලම කියලා,
කමක් නෑ දැන් කට්ටිය ඉන් හින්ද අහන්නත් බෑ නේ.පස්සේ හෙමීට අහල බලනවා, මේ කලබල අස්සෙ ආදිටත් ඒක කියන්න අමතක වෙන්න ඇති...
කට්ටියම එකතු උනාට පස්සේ ඔන්න මගේ ආදී ආයෙත් කතා කරන්න පටන් ගත්තා,
" හරි කට්ටිය අපි දැන් එහෙනම් නිලූ ටීචර් ගෙදරට ගිහිල්ලා ගෙදර සරසන වැඩ ටික ඉක්මනට ඉවර කරගමු. ටීචර් දන්නෙ නැති උනාට ගෙදර කට්ටියට විස්තරේ කියලයි තියෙන්නේ,කොහොමත් අද ටීචර් ගෙදර එනකොට තුන විතර වෙනවලු ,ඒ කියන්නේ අපිට ඕනවටත් වඩා කාලය තියෙනවා. හරි එහෙනම් කට්ටිය ගොඩක් ඉන්න නිසා අපි pickme දෙකක් දාගෙන යමු. අනික් කට්ටිය ටික ටීචර්ගෙගේ ගාවටම එනවා කිව්වා"මට ඉතින් තාම මෙතන යාළුවො නැහැනේ,මම සද්ද නැතුව ආදිගාවට වෙලා හිටියා.උසට උසේ ආදී ගාවට වෙලා චූටි මම ඉන්නකොට අයියයි නංගි වගේ අනිත් අයට පේනවා ඇති 🫣
ඒ උනාට මට නම් ආදිගේ ළඟටම වෙලා ඉන්නකොට හිතට කිසිම බයක් නෑ,හරිම අමුතු වෙනස්ම හැඟීමක් තමයි දැනෙන්නේ
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........