හතරවන කොටස

45 2 0
                                    

"Yep.. අනේ දැන් මට මේ colour wallet එකක් හොයල දෙන්නකො.."

මායි ඉශාරායි රෑ 8 විතර වෙනකම් ඒ වගේම wallet එකක් හෙව්වා. අන්තිමේදි අපිට ඒ වගේම එකක් හම්බුනා..

ඉතිං අපි දෙන්න ඒ ලගම තිබ්බ restraunt එකකින් dinner ගත්තා. මං ඊට පස්සෙ ඉශාරාව එයාගෙ ගෙදරින් drop කරල ගෙදර ආවෙ මහන්සියටම .

නොදැනීම මට නින්ද ගිහිල්ල. එක පාරට මට ඇහැරුනේ නුදේශ්ගෙ call එකකට.

"Good morning Shana "
" අහ්හ්.. morning morning .. ඇයි ?"
"ඇයි අහන්නෙ දැනටමත් වෙලාව 10.30යි . එන්නෙ නැද්ද office .."

එතකොට තමා මට මතක් වුනේ අද meeting එකකුත් තියෙනවා කියලා. මං ඉක්මනට ready වෙලා office ආවා. ඒත් එක්කම මං ගියේ නුදේශ්ගෙ office එකට.

"අහ්හ්.. මේ එන්නෙ.. meeting එක 11.30 ට කල් දැම්ම.."

"Thank god..මේ accountant ආවද..?"

"ආ ඔව්.. මිනිහ කිව්ව time management files වගයක් ඔයාට කියලා sign කරගන්න තියෙනව කියල "

"ආ sure . දැම්ම එන්න කියන්න."

"එතෝට meeting එක ?"

"Meeting එකට වඩා එයාව වටිනව. Meeting එක හෙට උදේ 9ට තියමු."

"අයියෝ shana.. ඔයා නම්..."

මං ඒත් එක්කම මගේ office එකට ගියා. ටිකකින් කවුද ඇවිත් දොරට තට්ටු කලා..

"Come in"

"Madam මං යුනෙත්.."

"Sure take a sit"

"Madam , time management files ටික ready"

"Shipping time ටිකද"

"Yes madam"

"OK මං sign කරල තියන්නම්"

"OK madam"

එහෙම කියලා එයා හෙන හිමිට පුටුවෙන් නැගිටලා office එකෙන් එළියට ගියා. මං ඒ වැඩ ටික ඔක්කොම පැත්තකින් දාලා ඊයේ ගත්ත wallet එක pack කරන්න පටන් ගත්තා. මං ඊට කලින් දවසක wrapping papers වර්ග ගොඩකින් wrapping papers අරගෙන තියාගෙන හිටියෙ. ඉතින් මං ඒ ඔක්කොම මගේ මේසෙ උඩට ගත්ත.

"මොකෙන්ද wrap කරන්නේ කරන්නේ? රෝස මල් තියෙන එකද? නෑ නෑ .. ඒක නිකම් කෙල්ලෙක්ට දෙනවා වගේ .. එහෙනම් නිල් පාට කොටු කොටු එක...set  නෑ set නෑ.."

මං මටම කියාගත්තා. ඊට පස්සේ මම කළු පාට හාට් තියන ලස්සන කොළයකින්
wallet එක wrap කලා.. ඒත් එක්කම මට හිතුන ඒකත් එක්ක letter එක ලියන්න..

"දැන් ඉතින් මොනාද ලියන්නෙ.."

ඒක තමා මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. ඒත් එක්කම මං ඉෂාරට කතා කරල ටිකකින් එයා මගේ ඔෆිස් එකට ආවා.

"Good afternoon shana"

"අහ්හ්.. අනේ මං අරක wrap කලා.. . මං letter එකේ ලියන්න දෙයක් නෑනෙ.."

"ඔක්කොටම කලින් කියන්නකො ඇයි මැඩම් මේක එයාට දෙන්නෙ.."

මං එදා හවස cafe එකේදි වුන ඔක්කුම ඉශාරට කිව්ව.

"එහෙනම් ඉස්සෙල්ලාම ලියන්න sorry කියල"

"මං එයාට ආදරේ කියලා හින්ට් එකක් .."

"ම්ම්ම්...ආදරේද මට? වගේ.."

" නොසඟවමි මං ආදරේ."

"ෂා ඒක ලස්සනයි.. නොසගවමි මං ආදරේ."

" එහෙනම් ඒක දාන්නම්."




























හරියටම කිව්වොත් ඊළඟ chapter එකෙන් තමයි ඔන්න කතාව පටන් ගන්නෙ.. 🌝

නොසඟවමි මං ආදරේWhere stories live. Discover now