" ඒයි නුදේශ්. " මං නුදේශ්ගෙ office එකට යනකොට නුදේශ් නිදි." ඕයි. තමුසෙට මං නිදා ගන්නවට පඩි ගෙවන්නේ නෑ. නැගිටහන්කෝ. "
" මොකද ඕයි පොඩ්ඩක් නිදා ගන්න දීපන්කොම් " නුදේශ් එහෙම කිව්වේ නින්දෙන්.
" අනේ බන් මට යුනෙත්ව follow කරන් එයාගෙ ගෙදර හොයාගන්න ඕනේ. "
" මොන රෙද්දක් ද ඕයි නිදා ගන්න දීපන්කෝ. "
ඒත් එක්ක ම ඉශාරා මායි නුදේශුයි ලගට දුවගෙන ආවා.
" Miss , miss ඔන්න මේ දැන් යුනෙත් sign කරලා එළියට ගියා. " ඉශාරා කිව්වේ හති අරින ගමන්.
" අනේ නුදේශ් නැගිටින්නකෝ... "
නුදේශ් මං කියන දේ අහන් නැති නිසා ඉශාරාත් එයාට කතා කරා.
" බබා නැගිටින්න. "
නුදේශ් , ඉශාරාත් එක්ක යාළුවෙලා ඉන්නේ. මං ඉතින් තාම single නෙ. කවද හරි යුනෙත්ව set කරගන්නවා. බලමුකො...
" ඇයි ඉශා. "
" නැගිටින්නකෝ... "
" දැන් ඇයි මාව ඇහැව්වේ. "
" යුනෙත්ව follow කරන් යන්න. "
" මොන යුනෙත්ව ද ? "
" ඇයි ඔයා යුනෙත්ලා 10ක් 15ක් දන්නවා ද ? "
" අහ්හ්... අලුත් accountant පොර ද ? "
" ඉක්මනට නුදේශ් මිස්වෙයි එයාව. "
ඉශාරා ඔය විදිහට කියනවත් එක්ක ම නුදේශ් නැගිටලා කාර් එකේ key එක අතට අරන් වේගෙන් කාර් පාර්ක් එකට ගියා. නුදේශ් කාර් එකට නැග්ගාම අපි තුන්දෙනා ම බස් හෝල්ට් එක දිහා බැලුවා. ඒත එක්ක ම අපි දැක්ක යුනෙත් බස් එකකට නගිනවා. අපි ඒ බස් එක follow කරන් ගියා කොහොම හරි අපි යුනෙත් බහින තැනට ම ආවා.
" දැන් ඌ පිටිපස්සෙන් ගියොත් සැක හිතයි. අපි ඌ හැරෙනකොට බලමු. "
" අන්න , අර පාරෙන් ඌ හැරුනා. "
ඒත් එක්ක ම නුදේශ් ඒ පාර ලගට ගිහින් හැරිලා බැලුවා. ටිකකින් නුදේශ් වාහනේ ලගට ආවා. ඒ වෙනකොටත් මායි , ඉශාරායි වාහනෙන් බැහැලා හිටියෙ.
" හරි , පාරෙ කෙලින් ම කොල පාට ගේට්ටුවට එහා පැත්තෙ ගෙදර ට ඉස්සරහා ගෙදර. "