"මෙහෙමයි අයියේ..
චූටියට කලින් කෙල්ලෙක් හිටිය. ඒ මගේ හොඳම යාළුවා ෂනුමි අපූර්වා. දැන් එයා UK වල . මං හිතන්නෑ තාම affair එක තියෙනවා කියලා.. මොකද ෂනූට එහෙ කොල්ලෙක් ඉන්නව.." යාශි උත්තර දුන්නා..
" crush එකක් වත් නැද්ද දැන් ?? "
මං ඇහුවේ සැකෙන් වගේ.." මට හිතෙනවා එයා ඔෆිස් එකේ කෙල්ලෙක්ට කැමතියි කියලා .. " එහෙම යාෂි කියනවත් එක්ක මට ඉබේටම නැගිටුනා ඉතින් ඒත් එක්කම නුදේශුත් නැගිට්ටා ..
" Thanks yashi "
" ඕක මොකක්ද සර් ... නෑ.. මේ.... "
" Nudesh "
" ඕක මොකක්ද නුදේශ්.."
බැලූ බැල්මට නම් නුදේශ්ගේ හිත යාෂිට ගියාද කොහෙද? කොහොමත් තව සතියකින් ඉෂාරා රට යනවා අවුරුදු දෙකකට .. බලමුකෝ...
මායි නුදේශ් යි ආයෙත් පිටත් වුනා.. අපි කෙලින්ම ගියේ office එකට..
" ශනායා.. අපි ඔෆිස් එකට ගිහින් මොකක්ද කරන්නේ?.."
" මට ඕනෙ අර කෙල්ල කවුද කියලා හොයාගන්න.. "
එතනට Ishara අවේ අපි දෙන්නව අහම්බෙන් වගේ දැකලා..
" බබා ඇයි ඔයා උදේ කෝල් answer කරේ නැත්තේ.. "
" හැම වෙලාවෙම answer කරන්න මට වැඩ නෑ කියල හිතුවද..? අහ්හ්.."
නුදේශ් ට මොකක් හරි වෙලා.. ඉෂාරට අවුල් ගිය පාරට එයා එතනින් ගියා..
" නුදේශ්. මොකද වෙලා තියෙන්නේ.. " මං ඇහුවත් නුදේශ් ඇහුන් නෑ වගේ මාවත් ඇදගෙන එයාගේ ඔෆිස් එකට ගියා
ටිකකින් එක පාරට නුදේශ් පුටුවෙන්න නැගිට්ටා. මං ඒ වෙලාවෙ ඊට එහා පැත්තේ පුටුවේ ෆෝන් එක ඔබ ඔබ හිටියේ..
" Shanaya , අර ගෙදර කෙල්ලගේ නම මොකක්ද..?? "
" යාශි.." මං උත්තර දුන්නා..
"Wow.. yashi.. yashii.. yashiii " නුදේශ් මිමිනුවා..
" ඇයි ??? "
" කොහෙද වැඩ කරන්නේ.."
"Campus ද කොහෙද ? "
"මොන campus ද..."
ඒ ගෙදර තිබ්බ ෆොටෝ එකේ හැටියට university of ########## ද කොහෙද ? .. "" එහෙමද.."
" ඇයි??"
"නෑ මුකුත් නෑ"