" මොකක්ද යුනෙත් යුනෙත් ඔයා මේ කියන්නේ .." ඒ නුදේශ්
" ඔයා දැන් ඔයා කියන්නකෝ මොකක්ද මේකේ ඇත්ත "
" ඕයී.."
"ඒ කියන්නේ ෂනාය මට නෙමෙයි ආදරේ.."
" අඩෝ බං එහෙම නෙමෙ.."
"මේ මේ බොරු කතා ඔන්න ඇත්ත කියපං .. උඹත් මේවා දැනගෙන හිටියද? "
" අයියෝ බං ඒ සීන් එක උනේ එදා උඹයි ෂනා යයි ඇක්සිඩන්ට් උන දවසේ .."
" එතෝට.. "
" එයා ඔයා SICU එකේ කියල දැනගත්තට පස්සේ යෙනුත්ව බදාගෙන ඇඬුවා .. නැතුව එයාලා යාලු වෙලා නෙමෙ .."
"දැන් ඔයා කියන්නේ මට ඒක පිළිගන්න කියලද?"
"අඩෝ බං ඕක ඔච්චරටම හොයාගන්න බැරිද බං.. දැන් ඔය ෆොටෝ එක බලහංකෝ.."
" ඇත්ත කියන්න නුදේශ්"
"අඩෝ බං උඹට ඔය ෆොටෝ එක දැක්කහම පේන්නේ නැද්ද බං. බලහං ඕකේ බැක්ග්‍රවුන්ඩ් එක හොස්පිටල් එකක්.. පේන්නේ නැද්ද උබට.. "
"මං එයාට බැන්නා.. බැනලා-"
"අඩෝ..උඹත් සුපිරි එකාට බැනලා තියෙන්නේ.."
"උඹ දන්නවද එයා අවුල් ගියහම කරගන්න දේවල්.. "
" දැනට දෙපාරක් සුවිසයිඩ් කරගන්න හැදුවා.."
" ඒ ඇයි "
" ඉස්කෝලේ කාලේ ලව් සීන් එකක් බං.."
" හරි දැන් මොකද කරන්නේ?.."
" ඉක්මනට යං එයාලා ගෙදර දැනටමත් මොනා වෙලාද දන්නෑ "
" අනේ මොකක් හරි වෙයිද..?"
" යමංකෝ.."
. . . .
දැන් ඉතින් මේ ලෝකෙ සමුගන්න වෙලාව ඇවිත්. මැරෙන්න හිත හදාගත්තත් මැරෙන්න චූටි බයක් දැනෙනවා. මට අද උදේ ඉඳන් මේ වෙනකම් වෙච්ච සේරම එකින් එක මතක් වෙන්න ගත්තා .. නුදේශ් බදාගත්ත ඒ අන්තිම වතාව.. , යුනෙත් ව දැක්ක අන්තිම වතාව.. , mommy වයි daddy වයි දැක්ක අන්තිම වතාව.. , මං හැමදාමත් හිතින් ආදරේ කරපු ඒ යෙනුත් .. මේ සේරම එකින් එක මතක් වෙද්දි මගේ ඇස් දෙක කඳුළෙන් තෙත් උනා. මොනා වුනත් උපන්දිනේ දවසේ ම මැරෙන එකත් පිස්සුවක් වගේ.. මොනා කරන්නද?
මම පිහිය මගේ අතේ හොඳටම පෙනෙන නාලයක් ළඟට ටිකෙන් ටික ලං කරා...
ගැඹුරු හුස්මක් ගත්ත මම ඇස් දෙක තදින් වහගෙන මගේ අත කපා ගත්තා...
. . . .
" ඒ බන් දොර ලෝක්නේ.." ඒ නුදේශ් ..
ඒ දෙන්නා කඩාගෙන බිඳගෙන වාහනය ඩ්‍රයිව් කරන් ශනායාලෑ ගෙදරට ආවත් මේන් ඩෝ එක ලොක් කරලා තිබ්බේ...
" දැන් මොකද කරන්නේ?.."
"Aunty යි uncle යි ගෙදර නැද්ද ?"
"නෑ වගේ ශනායාගේ වාහනේ විතරයි තියෙන්නේ.."
" ඒ අඹ ගහට නැගල ෂනායගෙ කාමරේ බැල්කනියකට යමුද ? " යුනෙත් කිවුව දේට නුදේශ් ගෙන් ලැබුනේ මෙහෙම උත්තරයක්
" ආ ඔව් අර එක දොරක් ඇරලා " නුදේශ කිව්වේ රූම් එකේ ජනේලෙ පෙන්නන ගමන්..
නුදේශ් ඉස්සෙල්ලම අඹ ගහට නැගල බැල්කනි එක උඩට ගියා. ටිකකින් යුනෙත් ත් ඒ විදිහට ම ආවා..
නුදේශ දොරත් ඇරගෙනම කාමරේ ඇතුලට යනවාත් එක්කම දැක්ක දේන් දෙන්නම ෂෝක් උනා ..
හෙටත් එන්නාම්...