" මං ඔයාට ආදරෙයි යුනෙත්. " මං කිව්වෙත් බිම බලන්.
" I'm sorry , මට crush එකක් ඉන්නවා. "
මං නොහිතපු විදියට මට ඒක හොඳටම දැනුණා. මං එතනින් නැගිටලා ගේට්ටුව ගාවට ගියත් එතන කාර් එක තිබ්බෙ නෑ. මං හිමීට පාර ගාවට ම ඇවිදන් ගියා. හැබැයි මට අමතක වුනා මගේ ෆෝන් එක.
* * *
" යාශී... " ඒ යෙනුත්.
" ලොකු ඇයි... ? "
" කාගෙද මේ ෆෝන් එක ? "
" මං දන්නේ කොහොම ද. " ඒත් එක්ක ම තමයි එතනට යුනෙත් ආවෙ.
" ඔය ශනායාගෙ ෆෝන් එක. "
" තමුසෙට කවද්ද ඒකිව ශනායා වුනේ. "
" ශනායා මිස්ගේ... "
ඒත් එක්ක ම ශනායාට call එකක් එනවා. ඒක answer කරන්නෙ යුනෙත්.
" ශනා වැඩේ හරි ද ? " ඒ නුදේශ්.
" Director නුදේශ් මං යුනෙත්. "
" What ? ශනායා කෝ ? "
" මිස් ගියානෙ සර් , ෆෝන් එක දාලා ගිහින්. "
" Ohh... මං එන්නම්. "
" Ok සර්. "* * *
පහුවදා උදේ මං ඇහැරුනේ නුදේශ්ගෙ කටහඩට.
" ශනා... නැගිටිනවා... දැනටමත් දහයයි කාලයි. "
" ම්ම්... " මම කෙදිරිගගා ඇහැරුනා.
" කොහෙද මේ... ? " පෙනුමෙන් නම් හොදට හුරුපුරුදු කාමරයක්.
" යකෝ , මේ මගෙ ගෙදර. උඹ ඉන්නේ මගේ ඇදේ. "
නුදේශ් එහෙම කියනකොටයි මට මතක් වුනේ මේ නුදේශ්ගෙ කාමරේ කියලා.
" ඇයි මං මෙහෙ... අහ් කෝ මගෙ ෆෝන් එක. " මං එහෙම ම ඇද උඩින් ඉදගත්තා. ටිකකින් නුදේශුත් ඇද උඩින් ඉදගත්තා.
" ශනායා , මට ඇත්ත කියන්න. ඊයෙ මොකද වුනේ ? "
" යුනෙත් මට කැමති නෑ නුදේශ්. එයා මට කැමති නෑ. එයාට crush එකක් ඉන්නවා.
" හරි , හරි. දැන් ඕක අමතක කරන්න. අද අපි දෙන්නා පොඩ්ඩක් එළියට යන්. ඉශාරා office එකෙ ඉන්නවනෙ. එයා වැඩ ටික බලයි. "
" හ්ම්ම්... කෝ මගෙ ෆෝන් එක. "
" ආ... dressing table එක උඩ. "