ඔන්න ඉතින් වෙනදා වගේම තිවේන් හිටියේ ආකාෂ් එක්ක ප්රිෆෙක්ට් රූම් එකේ
'අනේ බන් කම්මැලී ඕයි...උබ ෆෝන් එක ගෙනාවේ නැද්ද?'
තිවේන් කම්මැලී කියලා මැරෙන්න යන වෙලාවේ ආකාෂ් බෑග් එක අරන් එයාගේ ෆෝන් එක තිවේන්ට දුන්නා
දැක්කනේ Hp කොලුවගේ වැඩ...ෆෝන් එක ඉස්කෝලෙත් ගෙනල්ලා . අනික Hp හින්දා කවුරුත් බෑග් චෙක් කරන්න එන්නෙත් නෑනේ
ආකාෂ් ආපහු එයා කර කර හිටිය වැඩ වලට අවදානේ දෙනකොට,
'මේ මොකද බන් උබේ සර්චින් හිස්ට්රි එකේ උඩින්ම මනිදු ආලෝක online chess කියලා තියෙන්නෙ?'
තිවේන් කිණ්ඩියට ඇහුවා
'මේ මගෙන් කුනුහරුප අහගන්නේ නැතුව මෙහෙ දීපන් ෆෝන් එක'
ආකාෂ් බොරු කේන්තියක් මවාගෙන කිව්වත් ඕවට පුලුවන්ද තිවේන්ව අන්දන්න
'ඔරවන්න එපා යකෝ...අපේ ගෙදර ඉන්න අර හැලප පූසව මතක් වෙනවා'
තිවේන් කිව්වත් ආකාෂ් ෆෝන් එක උදුරගෙන ඉක්මනට සර්චින් ලිස්ට් එක මකලා දැම්මා
'උබටත් ඕන් නැති කෙහෙල්මලක් නෑනේ'
'ඔව් එහෙම නැතුව කොහොමද සගෝ...උබ පවුල් පන්සල් උනාම කාටද ආඩම්බර ඉතින්'
'අනේ මේ පල බන් යන්න'
ආකාෂ් ඊටපස්සේ තිවේන්වත් දාලා බෑග් එකත් අරන් ප්රිෆෙක්ට් රූම් එකෙන් එලියට ආවා
'ඒයි ඒයි ඕයි...විහිලුවක් කලේ'
ආකාෂ් යද්දී තිවේනුත් එයාගේ බෑග් එක කරේ දාගෙන ආකාෂ් පස්සෙන් ගියා
කොහොමහරි මේ දෙන්නා පන්තියටම ආවත් ආකාෂ් බලාපොරොත්තු උන මූන එයාට දකින්න හම්බුනේ නෑ
ඒ උනාට මනිදුගේ බෑග් එක නම් ඊයේ තිබ්බ තැනම තිබ්බා
'මනිදුව නේ හොයන්නේ?'
තිවේන් කිණ්ඩියට කියාගෙන ගිහිල්ලා ඉදගත්තා
'ඔව් මගේ බයෝ පොත එයා ලග'
ආකාෂ් උත්තර දුන්නත් තිවේන් නම්,
'ආ දැන් උබ පොත ගන්න විතරමද ඌව හොයන්නේ?'

YOU ARE READING
සුදු රෝස 🤍
Non-fictieමුලින්ම තමුන්ගෙන්ම ඒක අහනවා මනිදු... තමුන් මට ඇත්තටම ආදරෙයි නම් තමුන් මෙහෙම කරන්නෙ නෑ මෙච්චර කාලයක් මන් උබට ආදරේ කලේ මට වත් හිතාගන්න බැරි විදියට....