Test Paper 01

765 45 218
                                    

සංසාර සිහිනයේ පෙර මගම හිටියා.......

ඊව් පාඩම් කරන්න ගත්තහම ඔලුවට එන්නෙ නැති රෙද්දක් නෑ. මල විකාර.

ප්ලම් පුඩිං අනෙ දෙයියනේ පුඩිමෙන්ම ගිහින් ගහන්න හිතෙනවා වෙලාවකට මුංට.මුං මේ නිකන් ඉන්න බැරුවට හොයාගත්තදේවල් නිසා අපි දුක්විදිනවා නොසෑහෙන්න.හැබැයි මෙච්චරයි inorganic ලස්සනයි .

හී හී.....

ඇති යන්තන් රතු පාට බස් එක ආවා.ඔව් මං ගමන් යන්නේ සීසන් එකෙන් නේ.....how saaaad,අපි ඉතින් ලොකු සල්ලිකාරයො නෙවෙයි නේ,බස් එකේ ගියා බස් එකේ ආවා.සරලයි.simple , එච්චරයි.
නැග්ග ගමන් පැනලා අල්ලගත්තා ජනේලෙ අයිනේ ශීට් එකක්.අනේ දෙයියනේ ඒක තමයි මේ ලෝකෙ මං ආසම දේ, බස් එකේ ජනේලේ අයිනේ ශීට් එකේ අහස බලාගෙන දුර ගමනක් යන්න.ඒක වෙනම vibe එකක්.

එක පාරටම මං උඩ ගියා.නෑ...නෑ..... තටු ඇවිල්ලා නෙවෙයි.ශීට් එක උඩ ගියා මගේ එහා පැත්තෙන් වාඩි වුණ කෙනා නිසා.බුදු අම්මෝ!......ඒ ඇන්ටිගෙ සයිස් මට නම් සීයට සීයක් ශුවර්, අධිපෝශනේ තමයි.කොහොම හරි ශීට් එකෙන් 3/4ක් එයාගේ,ඒත් එයා එලියේ.මං ඉතින් හාල් මැස්සා වගේ නිසා හොදයි.

අපි ඉතින් ඔහොම මහත නෑ නේ බිකෝස් අපි ලෝකෙට බරක් නැති මිනිස්සූ.

බස් එක යන්න ගත්තා.අද chemistry paper class එකේ paper එක. ගිය සතියේ 23 A/L batch එකේ results ආපු නිසා අද ඉදන් ලමයි වැඩිවෙයි..අනේ දෙයියනේ මටත් 2nd shy කරන්න වෙයිද? මොනවද යකෝ තෝ හිතන්නේ?තොට පුළුවන් මේ පාරම එච්චරයි.මගේ හිත ඔහොම තමයි.දෙපැත්තකට බෙදිලා හැම තිස්සෙම මරාගන්නවා.

පේපර් එකට මොනවා ලියන්නද? මං ඉතින් පාඩම් කරපුවා මතක් කරන්න ගත්තා.මොනවද මං පාඩම් කරේ දැන්. ලිතියම් රතු අහ්..... නෑ .....නෑ..... ක්‍රිම්සන් රතු Lipstick රතු පාටයි,සර් කිව්වේ එහෙම.අනේ...දෙල්ගොඩ හංදියේ කහ පාට සෝඩියම් ලාම්පුව.ඕගනික් ප්‍රතික්‍රියා,කර්මාන්ත කමක් නෑ fail වුණොත් ගෙදර ඉදන් සබන් හදනවා.එච්චරයි.නැත්තන් ශාක ආශ්‍රිත නිශ්පාදනයක් විදිහට මං එතනෝල් හදනවා.හැබැයි ඉතින් පලවෙනි ආසූතය අමතක වෙලා කාටහරි දුන්නොත් හපෝ හපෝ ඒක බෑ.....මෙතනෝල් බීලා මැරුනහම මට යන්න වෙනවා හිරේ.අනේ මේ අහිංසක තරුන කාලේ හිරේ ඉදන් කූරු ගනින්න බෑ දෙයියනේ....සබන්ම හදනවා.මං හදන සබන් ගාලා NaOH ටිකක් වැඩිවෙලා 'මාව නිකන් පිච්චෙනවා වගේ 'කියලා මගේ සබන් කඩේට මිනිස්සු ගල් ගහලා ගියහම.මගේ උඩ හිත ඔහොම කියද්දී යටි හිත කෑගහනවා negative හිතන්න එපා කියලා.

A/ලෙවල් (Ongoing)Where stories live. Discover now