Test Paper 07

191 25 111
                                    

"මොනවද තමුසෙලාට වෙලා තියෙන්නේ? පිස්සෝ රෑනක් වගේ..."

රශේන් අයියා කෑගහද්දි මුලු පන්තියම දෙදරලා ගියා.අනේ මේ යකාටත් නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි හැටි.රශේන් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල්.ඔව් ඒ කිය්න්නේ මිණිදු අයියගෙ වයසේ.මූ කොමස් කරේ A3යි.ඉතින් එතකොට ස්පෝර්ට්ස් එහෙමත් කරනවා.අපේ ස්කූල් එකේ බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන්.මේ යකා මාවත් බාස්කට් බෝල් ටීම් එකට ගන්න් හැදුවත් බොහොම ලස්සනට හිමින් සැරේ මං එතනින් ලිස්සලා ගියා.මේ යකා හෙඩ් ප්‍රිපෙක් නේ...ඇත්තටම ස්කූල් එකේ ගොඩක් ලමයි මේ යකාට බයයි...මං ඇරෙන්න...

"මං ආයේ එද්දී මේ ඔක්කොම අස් කරල තියෙන්න ඕනේ."

රශේන් අයියා ලැබ් එකේ හිටපු හැමෝටම කෑගැහුවා.

"එතකොට තමුන්...ගිහින් ඔලුව හෝද ගන්නවා." ඒ යකා මටත් කෑගහපි.මං හිටියෙ ඇත්තටම පාන් පිටි නාලා.

මං ලැබ් එකෙන් යද්දී මගේ පිටිපස්සෙන් රශේන් අයියත් ආවා.

"මොනාද බං මේ කරන්නේ ඉදලා ඉදලා ස්කෝලේ ඇවිල්ලා "

"ඇයි මොකෝ තවුසෙට...ඒක නෙවෙයි තමුසෙ දැක්කේ නැති ටිකට මාරට වෙනස් වෙලා නේ ඕයි..."

"ඔව් ඉතින් තමුසේ කවද්ද අන්තිමට අපිව බලන්න ආවේ.?"

"ආ....මං ආවා ඔහේ තමයි අපේ ගෙවල් වල ආවෙ නැත්තෙ...නංගි ඒත් ඇහුවා ඔයා ඒකි එක්ක තරහ වෙලාද කියලා?"

" තමුසෙට අපේ ගෙවල් වල එන්න බැරි වුණාට මිණිදුලාගෙ ගෙවල් වල එහෙම රිංගන්න පුළුවන් නේද?"

මූ කිණ්ඩියට හිනා වෙවී ඇහුවා.

හරි කතාව මේකයි ළමයි....අපේ අම්මයි තාත්තයි ස්කෝලෙ කාලෙ තමයි යාලු වෙලා තියෙන්නේ...ඒකට පෝර දාලා තියෙන්නේ රශේන් අයියලගෙ තාත්තා.අපේ තාත්තයි එයාලගෙ තාත්තයි එක වයසෙ.එතකොට අපෙ අම්මායි තාත්තයි කැම්පස් දෙකකට තමයි තේරිලා තියෙන්නේ.තාත්තා ඉතින් අම්මව බලන්න යද්දි රශේන් අයියලගෙ තාත්තත් තනියට යනවලූ.එතකොට අපෙ අම්මගෙ කැම්පස් එකේ යාලුවෙක්ට රශේන් අයියගේ තාත්තගෙ හිතගිහින්...ඔව් ඔව් රශේන් අයියගෙ අම්මා තමයි.ඒ නිසාම මේ යකයි මායි පොඩි කාලෙ ඉදලම එකට.ගෙවල් වල අය වැඩට ගියහම අපි දෙන්නම හිටියෙ අපේ ආච්චිලහ.කලිසමේ චූ දාගන්න කාලෙ ඉදලා අපි දෙන්නා හොදට අදුරනවා.මට මගේම කියලා අයියා කෙනෙක් නෑ...ඒ අඩුව හොදටම පිරෙව්වේ රශේන් අයියා. මොනවා උණත් මං මිණිදු අයියා ගැන මූට කියලා තිබ්බේ නෑ...එපාර හරි ප්‍රශ්න, දැන් කොහොම හරි මූ ඒක හොයාගෙන

A/ලෙවල් (Ongoing)Where stories live. Discover now