Special Test Paper 01

227 20 55
                                    

මිණිදුගෙ දින පොතෙන්,,,,,,,,,,,,,,,,,,,,,,

ජීවිතේ හරි පුදුමයි...මගෙ චූටි කාලෙ ඉදලා හීනෙ වුණේ Medicine යන එක.ම්ම්ම්ම්ම්ම් ඒ හීනෙට යන්න දොර ළගටම ඇවිල්ලා ඒ දොර වැහෙනවා කියන්නේ දරාගන්න පුලුවන් නේද? තව වැඩ කරානම් තව මහන්සි වුණා නම් සමහරක් විට ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න තිබ්බා.

ඒත් අනේ මන්දා හැමදේම වෙන්නේ හොදට කියලා කියනවා නේ...ඔව් මං ඒක මෙච්චර කාලෙකට විස්වාස කරේ නෑ.ඒත් මං දැන් ඒක විස්වාස කරනවා.ඒ මොකද මගේ ජීවිතේ මට හම්බ වෙච්ච සුර දූතයෙක් මට කිව්වා.

"ජීවිතේ මිරැකල්ස් සිද්ද වෙන්නෙ අපි නොහිතන වෙලාවට"

මං හිතන්නේ මගේ ජීවිතේ ලොකුම මිරැකල් එක තමා ඒ පුංචි සුරදූතය

අයාන් නෙලීශ

අයාන් කියන්නේ මහ පුදුමාකාර කෙනෙක්.මගේ ජීවිතේ මට හම්බ වුණ විශේශම අයගෙන් එක්කෙනෙක්.මට තාම මතකයි එයාව හම්බ වෙච්ච පලවෙනි දවස.

මං 2nd shy එකට හා හා පුරා කියලා පන්ති ගිය දවස.පන්තියේ fan එකක් යට හතර වටේටම ඔලුව කරකව කරකව පොඩි කොල්ලෙක් හිටියා. එයා තනියම නිසා මං අනිත් කොනෙන් වාඩි වුණා.එතකොට එයාගෙ  ඇස් මගේ ඇස් එක්ක එකපාරටම යා වුණා.අමුතුම හැගීමක්.ජීවිතේට දැනිලා නැති.

මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් වගේ ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් එයාට තිබ්බේ.ඒ ඇස් දිලිසෙනවා.මට මොනවා වුණාද කියලා මට තේරුණේ නෑ ඒ වෙලේ.මං දැක්කා එයාගේ කම්මුල් දෙක රෝස පාට වෙනවා.මැංගනීස් ජලීය ද්‍රාවණකක පාට වගේ.හරිම ලස්සනයි.

කිව්වොත් විස්වාස කරනවාද?ඒ පිරිමි ළමයගේ රූපේ ඇවිලිච්ච මනුස්සයෙක්ව නිවනවා.මට මතකයි.මගේ ඇස් වලින් කදුලු වැටෙද්දි මට දීපු ඒ මල් මල් ලේන්සුව.ඒක එයාගෙ නංගිගේ කිව්වට ඒ ලේන්සුවෙන් ආවෙත් එයාගෙන් ආපු සුවද.

එයාගෙ විසේකාර අපිලිවෙල කොන්ඩේ.ඒ කොණ්ඩේ හරි සිනිදුයි.මං කැමති නෑ ඒ කොන්ඩේ වෙන කෙනෙක් අල්ලනවටවත්.රශේන් වුණත්.ඒ කොණ්ඩේ හරිම සිනිදුයි.
එයාගෙ හිනාව...මං මේ ලෝකේ දැකපු ලස්සනම හිනාවක්.කොයිවෙලෙත් නවතින්නේ නැති කියවිල්ල.අනේ දෙයියනේ ඒ ලමයගේ කට රිදෙන්නේ නැද්ද දන්නේ නෑ...අහ් එයා ළමයෙක් නෙවෙයි එයා සුර දූතයෙක්...

A/ලෙවල් (Ongoing)Where stories live. Discover now