අනේ මට බෑ....මං මැරෙනවා...සෝඩියම් කෑල්ලක් කාලා මැරෙනවා...නෑ නෑ එපාර මොන බඩේ අමාරු හැදේවි ද දන්නෙ නෑ.තඩි සෝඩියම් කුට්ටියක් එක්ක ළිදට පනිනවා.
අම්මෝ බයෙත් බෑ.ඒක පුපුරල මැරෙද්දි මගේ කෑලිවත් හොයාගන්න බැරි වෙයි නේත...අනේ මං පව්.ආආහ්...එක්කෝ ඒ ක්‍රමේ නැතුව වෙන ක්‍රමයක් ට්‍රයි කරන්න ඕනේ.බෙල්ලෙ වැල දාන එකත් සෙට් නෑ...ඊව් ආස නෑ...වස බිව්වොත් කොහොම වෙයිද? ම්ම්ම්ම්ම් එපාර මගේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්දතියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මගේ ඇස් චූටි වෙලා හාට් බීට්ටුව හිමින් සැරේ නවතීවී...අනෙ දෙයියනේ මට බෑ.
ඒත් ඇයි මං මැරෙන්නේ? මං නෙවෙයි නෙ කිස් කරලා පැනලා ගියේ.ආයිශ්...ඇයි දෙයියනේ මට මෙහෙම දුක් දෙන්නේ...මං හැමදාම පලතුරු වට්ටියක් දෙන නිසා ද? එහෙනම් මං චොක්ලට් වට්ටියක් දෙන්නම්.මට කරදර කරන්න එපා.හුම්.
මං තාප්පෙට නැගලා මගේ අතිජාත මිත්‍රයා එනකම් මග බලාගෙන හිටියා.ළද කොමල සුකුමාල ලෙසට ඉණ පද්ද පද්ද සිතුම් පගයා එනවා හලෝඕඕඕඕව්...
"මොකක්ද වුණේ?"
ගේට් එකෙන් ඇතුලට එනකොටම මං ඇහුවා.උගෙ ඇස් රතු වෙලා.අඩලා වගේ හොදටම.
"ඉදපන් කෝ ඇතුලට යනකම්"
පුහ් මුගෙ ගෑස්...දුක අහන්නත් ඕනේ ගෑස් බලන්නත් ඕනේ....
"දැන්වත් කියපන් උඹට ඔච්චර අඩන්න මොකක්ද වුණේ කියලා?"
මං සිතුමගෙන් ඇහුවා.
"උඹට මොකක්ද වුණේ?" ඌ මගෙන් ඇහුවා.
"පොඩි විපතක්...මුලින් උඹ කියපන්කෝ..."
"හ්ම්ම්ම්ම්....................මං රශේන් අයියගෙන් ඇහුවා."
හුකා....කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලූ.
"මොකක්....මොකක්ද ඇහුවේ ? "
"ඇයි මෙහෙම කරන්නේ කියලා?"
"හෝව් හෝව් මුල ඉදලා කියපන් අකුරක් නෑර"
"හරි මේකයි වුණේ...එදා ක්ලාස් ඇරිලා යද්දි රශේන් අයියා හිටියා හරිද සර් හම්බ වෙන්න ඇවිල්ලද කොහෙද? මං ඉතින් එයා එනකම් හිටියා.එයා ආවහම මං ගිහින් කතා කරා.මං කිව්වා මට ටිකක් කතා කරන්න ඕනේ කියලා.අයියා කිව්වා කියන දෙයක් ඉක්මනට කියන්න එයාට පරක්කු වෙනවා කියලා.එතන කතා කරන්න බෑ නේ බං ළමයිනුත් ඉන්නවා නේ...මං කිව්වා මෙතන බෑ ටිකක් එහාට යමු කියලා.අර ක්ලාස් එක ගාව තියෙන පාර්ක් එක තියෙන්නේ අපි ඒකට ගියා.
YOU ARE READING
A/ලෙවල් (Ongoing)
Romanceකියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ...