Special Test Paper 02

398 26 16
                                        

සිතුම්ගේ හදවතින්

ආආආආහ්.......මොකක්ද මේ මං කරන්නේ? ජීවත් වෙනවා කියන්නේ මේකටද?

මහ රෑ කාමරේ ජනේලෙත් ඇරගෙන මං අහස දිහා බලාගෙන හිටියා.

කලුම කලු පාට අහස අද හද හොයාගන්න නෑ...මුලු අහසම කලු පාට වලාකුලු වහගෙන...මාත් එක්කම අහසත් අඩන්න පටන් අරගෙන ද මංදා තියෙන්නේ...වෙනදා හදත් එක්ක උකුලු මුකුලු කරන එක තරුවක්වත් අද නෑ හොයාගන්නවත්...සීතල හුලං පාර...මුලු ඇගම වෙව්ලනවා.දැන් මෙතනින් ගියා කියාලා මට නින්ද යනවා කියලද...මගෙ නින්ද එදා මගේ හදවත බිදිච්ච දවසෙම මාව දාලා පැනලා ගියා.

මගේ ජීවිතේට මට හම්බ වුණ හොදම යාලුවා අයාන්.එයාට තිබ්බේ මහ පුදුම දාංගලයක්.හැමතිස්සෙම එයාගේ පස්සෙන් එයාට ලොකු අයියා කෙනෙක් වගේ හිටියේ රශේන් අයියා.

එයා අයාන්ව කෙයා කරපු විදිහ දැකලමද මංදා මගේ හදවත රශේන් අයියා වෙනුවෙන් ගැහෙන්න ගත්තේ මටත් හොරා...

රශේන් අයියා කියන්නේ මගේ හිත හොල්ලපු එකම කෙනා.අවුරුදු ගාණක් මං තනියම ආදරේ කරපු කෙනා.

හැමදාම ඉස්කෝලේ ආවහම අයාන්ගෙන් මං අහන්නෙම
"අද රශේන් අයියා ආවේ නැද්ද?" මගේ සුපුරුදු ප්‍රශ්නේ.

ටික කාලයක් යද්දී මාව උදේම දකිද්දී අයාන් පුරුදු වුණා ගුඩ් මෝනින් නැතුව රශේන් අයියාත් ආවා කියලා කියන්න.

රශේන් කියන්නේ මහ පුදුමාකාර මනුස්සයෙක්.ස්ටඩීද ස්පෝර්ට්ස් ද හැම දේම හරියට බැලන්ස් කරගත්ත කෙනෙක්.කොටින්ම කිව්වොත් කතාවල වගේ පර්ෆෙක්ට් මනුස්සයෙක්.හරිම කැමැත්තෙන් මං පිලිගත්තා එහෙම පිරිමි ඉන්නේ කතාවල විතරක්ම නෙවෙයි කියලා.

උස,එතකොට ඒ උසේ ගානට මහත...පිම්බිලා තිබ්බ අත්.නපුරු පාට උතුරලා තිබ්බ ඇස්.සෙල්ලක්කාර ඒ හිනාව.දකින ඕනේ කෙනෙක් ඉතින් පිස්සු වැටෙනවා.පුදුමයක් නෑ අපේ ඉස්කෝලේ විතරක් නෙවෙයි අහල පහල ඉස්කෝල වලත් කෙල්ලෝ අයියට පිස්සු වැටිලා ඕනෙවටත් වඩා.ඕවා ඇහෙද්දී මගේ ලේ රත් වෙන විදිහ දන්නේ මං විතරයි.

"මේ බං "

මගේ ලැජ්ජකම ඔක්කොම පැත්තක තියලාමං දවසක් අයාන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

A/ලෙවල් (Ongoing)Where stories live. Discover now