සීතලයි..
අද පුදුම සීතලයි..
ඊයේ නිල් පාට අහසේ, සුදු වලාකුලු කුට්ටි අස්සේ පායපු රන් තැලිය අද හොයාගන්නත් නෑ..
වැස්සේ නැතත් වැහි වලාකුළු නිසා පලාතම අඳුරු වෙලා..ඇදෙන් නැගිටින්න පුදූම කම්මැලිකමක් දැනිච්ච නිසා එහෙන්මම රෙද්ද අස්සේ ගුලිවෙලා මම ජනේලෙන් එලිය බලන් හිටියා..
අනේ මන්දා මම පුදූම ආසයි වහින්න කලියෙන් තියෙන මූසල අදුරට..
උදේ 7 හවස පහ පහුවෙලා වාගේ පෙනෙන,
අඳුරු මූසල ගතියත් එක්ක තදට හමන හුලඟ එක්ක නිකන් කුණාටුවක් අත ළඟ වාගේ දැනෙන ඒ හැඟීමට මම පුදූම ආසයි..
එවෙලෙට කරන්න හොඳම පුලුවන් තරම් උණුහුමට ගුලිවෙලා නිදාගන්න එක..සහනාගේ කන්දේ උඩ ගෙදරනම් මේ වගේ වෙලාවට කියාපු තැන..
කන්ද මුදුනට වෙලා මුලු වටපිටාවම අඳුරේ වැස්ස පිලිගන්න ලෑස්ති වෙන හැටි බලාන ඉන්න තිබ්බනම්..
ඒ සීතල සුලග මුලු ඇගම කිති කවාගෙන එහෙ මෙහෙ යන හැටි විදින්න තිබ්බානම්..හිතද්දිත් මුළු පපුවම සතුටින් පිරෙනවා..!
සහනා මොනා කරනවා ඇතිද?
ඒකාට අදනම් මේ වැස්සේ මඩුවේ වැඩ කරන්න බැරි වේවි..මගේ හිත මටත් නොදැනිම ඒකා ගැන හිතන්න අරන්..
මහ අමූතූ කෝලබවක් දැනෙන්න අරන් ඒකා ගැන හිතද්දි..
මගේ කම්මැලිකම පෑලේ දොරින් පැනලා යද්දි මම දඩි බිඩියේ ලෑස්ති වුනේ ආතාගේ කඩමන්ඩියට යන්න..
සහනා බලන්න මට ඕනා නෑ ඒත් උදේට කන්න එපැයිනේ මොනාහරි..!වැස්ස කඩා හැලෙන්න කලියෙන් කඩමණ්ඩියට ගොඩ වෙන්න ඕනි නිසා මම අඩි ඉක්මන් කරන් දිව්වා..
පුරුදු විදිහමයි,
ආතා අදත් අනේ ලිපට නැමීගෙන.." ආතේ... "
" ආහ් මේ දරුවනේ.. "
" බඩගිනීනේ.. "
" මොනවැයි කොල්ලෝ උබට ඕනි.. "
" මොනවැයි ආතා ළඟ තියෙන්නේ? "
" හැලප තියෙනවා, ඉදි අප්පන් තියෙනවා, පිට්ටු තියෙනවා, ලැවරියා තියෙනවා.. "
" එහෙනම් ලැවරියා කමු.. "
ලැවරියා,
මම වැඩිය කන්නෙ නැති කන්න ආස කෑමක්..
මට පැණි රසට වැඩි කැමැත්තක් නෑ ඒ නිසා ලැවරියා කන්න ආස වුනත් නිතර නිතර කන්නේ නෑ.. එහෙම වුනාම ලැවරියා මට අප්පිරිය වෙන්න ගන්නවා..
ඒත් අද කාලෙකින් නිසා කන්න ආසාවක් ඇති වුනා..